පාඨමාලා විස්තර
SI අයදුම් වසන් වී ඇතආධුනිකයින් සඳහා පුරාවිද්යාව – 2026
ආධුනිකයින් සඳහා පුරාවිද්යාව – 2026” යනු පුරාවිද්යාවට උනන්දුවක් ඇති සියලු දෙනා සඳහා සැලසුම් කළ පැය 30ක මාර්ගගත කෙටි පාඨමාලාවකි. එය පුරාවිද්යාවේ ස්වභාවය, ඉතිහාසය, මූලික සංකල්ප, මූලාශ්ර, ක්රමවේද, ශ්රී ලංකාවේ නීති හා ආයතන, පුරාවිද්යා ස්ථාන, නූතන තාක්ෂණය සහ ආර්ථික-සමාජ දායකත්වය හඳුන්වා දෙයි. විශේෂ පූර්ව සුදුසුකම් අවශ්ය නොවන අතර, පළපුරුදු විද්වතුන් විසින් රාත්රී සැසි පහළොවක් ඔස්සේ ඉගැන්වීම සිදු කරයි. පාඨමාලාව 2026 අගෝස්තු 11 සිට සැප්තැම්බර් 29 දක්වා පැවැත්වේ. සිංහල භාෂාවෙන් පැවැත්වෙන මෙහි ගාස්තුව රුපියල් පහළොස් දහසක් පමණි.
පාඨමාලා විස්තර
- කාලය
- Weeks 7 (2026-08-11 to 2026-09-29)
- බෙදාහැරීමේ ක්රමය
- Online
- උගන්වන මාධ්යය
- සිංහල
- අයදුම් / intake දින
- 2026 ජූලි 24 – 2026 අගෝස්තු 11
- ඇතුළත් වීමේ අවශ්යතා
- මෙම පාඨමාලාව හැදෑරීම සඳහා විශේෂ පූර්ව සුදුසුකම් අපේක්ෂා කරනු නොලැබේ. සිංහල බස අසා අවබෝධ කර ගැනීමේ හැකියාව ප්රමාණවත් වේ.
- ගාස්තුව (LKR)
- LKR 15,000.00
- ලබා දෙන සහතිකය
- e-Certificate
- සහතිකය ලබා දෙන්නේ
- Institute of Archaeology and Heirtage Studies, Sri Lanka
පාඨමාලා සම්බන්ධීකාරක
සේමලී පියදාස
පාඨමාලා සම්බන්ධිකාරක
semalee@iahs.lk
පාඨමාලා කළමනාකරු
අනුරාධ පියදාස
පාඨමාලා කළමනාකරණය
anu826@gmail.com
ජංගම දුරකථනය: 0777428282
WhatsApp: 0777428282
පාඨමාලාවේ අරමුණු :
මෙම මාර්ගගත (කෙටි කාලීන) පාඨමාලාව තුළින් පහත දැක්වෙන අරමුණු ඉටුකර ගැනීමට අපේක්ෂා කරනු ලැබේ.
- පුරාවිද්යා විෂය පිළිබඳ අර්ථකතන පිළිබඳ අවබෝධයක් ලබා දීම
- මානව අතීතය හදාරණ ලබන විෂයක් වශයෙන් පුරාවිද්යාව ක්රමවත්ව වර්ධනය වූ ආකාරය හඳුන්වා දීම
- පුරාවිද්යාව ක්රමවත් ව වර්ධනය වූ ආකාරය හඳුන්වා දීම
- මිනිසාගේ අතීතය අධ්යයනය කරන විෂයයක් වශයෙන් පුරාවිද්යාවේ විශේෂතා හා එහි පවතින සීමා හඳුන්වා දීම
- පුරාවිද්යාව හා සම්බන්ධ තෝරාගත් අනුවිෂය පරාසයන් පිළිබඳ මූලික අවබෝධයක් ලබා දීම
- සමාජීය මතවාද ක්ෂේත්රයේ හා ආර්ථික උත්පාදන ක්රියාවලියේ දායකයෙක් වශයෙන් පුරාවිද්යාවේ පවතින ශක්යතාවන් හඳුන්වා දීම
- පුරාවිද්යා විෂය හා විෂයේ ස්වභාවය හඳුන්වා දීම
- පුරාවිද්යා මූලාශ්ර හා පුරාවිද්යාවේ දී යොදාගන්නා ක්රමවේද පිළිබඳ අවබෝධයක් ලබා දීම
අධ්යයන ඵල :
මෙම පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරන විද්යාර්ථිනට පහත දැක්වෙන ඉගෙනුම් ඵල කරා ලඟා විය හැකි වේ.
- පුරාවිද්යාව හා පුරාවිද්යා විෂයේ ස්වභාවය පැහැදිලි කළ හැකි වේ
- ලෝක මට්ටමින් පුරාවිද්යා විෂයේ ආරම්භය හා එහි විකාශය පැහැදිලි කළ හැකි වේ
- පුරාවිද්යාව හා සම්බන්ධ මූලික සංකල්ප පැහැදිලි කළ හැකි වේ
- පුරාවිද්යාවේ දී යොදාගන්නා මූලික ක්රමවේදය පැහැදිලි කළ හැකි වේ
- ශ්රී ලංකාවේ පුරාවිද්යාව හා සම්බන්ධ ආයතන පද්ධතිය හා නීතිය පැහැදිලි කළ හැකි වේ
- පුරාවිද්යා ස්ථාන හා ඒවායේ ස්වභාවය විධිමත්ව හඳුනාගත හැකි වේ
- වර්ධිත නූතන තාක්ෂණය පුරාවිද්යාව සමඟ සම්බන්ධ වන ආකාරය පැහැදිලි කළ හැකි වේ
- පුරාවිද්යා අධ්යයන හා දැනුම බෙදාදීම සඳහා නූතන තාක්ෂණය යොදාගත හැකි වේ
- ආර්ථික උත්පාදන ක්රියාවලිය තුළ පුරාවිද්යාවේ දායකත්වය පැහැදිලි කළ හැකි වේ
- පුරාවිද්යා දැනුම තුළින් ගොඩනැඟෙන සමාජ කථිකාව හා සම්බන්ධ විය හැකි වේ
හැඳින්වීම
පුරාවිද්යාව වනාහි මහජන ආකර්ශයක් ලබාගැනීමට සමත්වූ විෂයක් මෙන්ම ශක්තිමත් න්යායාත්මක පදනමක් ගොඩනඟා ගනිමින් විධිමත් ක්රමවේද පද්ධතියක් හරහා වර්ධනයක් අත්කර ගැනීමට සමත්වූ මානව අතීතය පිළිබඳ සොයාබලන විෂයයක් බවට පත්ව ඇත. ජාත්යන්තර වශයෙන් ද ආකර්ෂණීය විෂයක් වන මෙම විෂය අන්තර් හා බහු ආකාරයෙන් විෂයයන් ගණනාවක් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමට සමත්ව ඇත. නිරන්තර මහජන අවධානයට ලක්වන පුරාවිද්යාව, ශ්රී ලාංකේය සන්දර්භය තුළ දී උගැන්වීම හා ඉගෙනීම විශ්වවිද්යාලීය ශාස්ත්ර පීඨයන්ට සීමා වී ඇත. මේ නිසා පුරාවිද්යා විෂය වෙත ආශක්ත පුරවැසියන් අති මහත් බහුතරයකට මෙම විෂය සමඟ විධිමත් ආකාරයෙන් අත්වැල් බැද ගැනීමට අවස්ථාවක් නොලැබී ඇත. මෙවැනි පසුබිමක් තුළ, පුරාවිද්යාව විෂය පිළිබඳ රුචිකත්වයක් දක්වන, එමෙන්ම, එම විෂය පිළිබඳ ක්රමවත් අවබෝධයක් ලබා ගැනීමට කැමති පුද්ගලයින් සඳහා මෙම කෙටිකාලීන මාර්ගගත පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ.
පුරාවිද්යා විෂයේ මූලික කරුණු ආවරණය කරමින් ඒ පිළිබඳ විධිමත් අවබෝධයක් ලබා දීමේ අරමුණින් පැය 30ක දේශන කාලයක් ආවරණය කරමින් මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ. සතියේ දින දෙකක දී රාත්රී කාලයේ පැය 2 බැගින් වූ සැසි 15කින් මෙම පාඨමාලාව ආවරණය කරනු ලබන අතර අදාළ විෂය ක්ෂේත්ර පිළිබඳ දිගුකාලීන අත්දැකීම් සහිත විශ්වවිද්යාලීය මහාචාර්ය, ජ්යෙෂ්ඨ කථිකාචාර්යවරු ඇතුළු ව පුරාවිද්යා විෂය පිළිබඳ ප්රාමාණික අවබෝධයක් සහිත විද්වතුන් සමඟ ඍජුව සම්බන්ධ වෙමින් මෙම පාඨමාලාව හැදෑරීමට අවස්ථාව ලැබෙනු ඇත.
මෙම පාඨමාලාව කා සඳහා ද?
මෙම (මාර්ගගත) පාඨමාලාව පහත දැක්වෙන ඉලක්කගත කණ්ඩායම් විශේෂයෙන් අරමුණු කර ඇත.
- විශ්වවිද්යාලයන්හි දී පුරාවිද්යාව හැදෑරීම සඳහා අපේක්ෂිත විද්යාර්ථින්
- තම මව්බිමේ අතීතය පිළිබඳ විධිමත්ව දැනගැනීමට රුචිකත්වයක් දක්වන විදේශගතව සිටින ශ්රී ලාංකිකයින්
- විනෝදාංශයක් වශයෙන් පුරාවිද්යාව පිළිබඳ හැදෑරීමට රුචිකත්වයක් දක්වන වෘත්තිකයින්
- බාහිර උපාධි පාඨමාලා සඳහා පුරාවිද්යාව හා ඉතිහාසය හදාරණු ලබන විද්යාර්ථීන්
- පුරාවිද්යා දෙපාර්තමේන්තුව හා සමගාමි වෙනත් ආයතනයන්ගේ සේවය කරනු ලබන, පුරාවිද්යා උපාධිධාරින් නොවන කාර්ය මණ්ඩල සාමාජිකයින්
- පාසල් තුළ ඉතිහාසය විෂය උගන්වනු ලබන ගුරුභවතුන්
- අ.පො.ස. සාමාන්ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ සඳහා ඉතිහාසය විෂය ඉගෙන ගන්නා සිසුන්
- විශ්වවිද්යාලීය මට්ටමෙන් පුරාවිද්යා උපාධිය නොහැදෑරූ නමුත් පශ්චාත් උපාධි මට්ටමින් පුරාවිද්යාව හැදෑරීමට අපේක්ෂිත විද්යාර්ථීන්
- පුරාවිද්යාව පිළිබඳ විධිමත් අධ්යාපනයක් ලැබීමට අවස්ථාවක් නොලැබුණු එහෙත් එම විෂය පිළිබඳ උනන්දු හා රුචිකත්වයක් දක්වනු ලබන සියලුම පුරවැසියන්
පාඨමාලාවේ සම්පත් දායකයින් :
ශ්රී ලංකාවේ පුරාවිද්යා ක්ෂේත්රය පිළිබඳ විධිමත් අවබෝධයක් සහිත, ඒ පිළිබඳ ප්රායෝගික අවබෝධයෙන් යුතු ශාස්ත්රාලීය පසුබිමක් සහිත අයවලුන් පමණක් මෙම පාඨමාලාවේ සම්පත් දායකයින් වශයෙන් කටයුතු කරනු ලබයි. මෙරට පිළිගත් විශ්වවිද්යාලීය මහාචාර්ය හා ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ආදි පුරාවිද්යා විද්වතුන් හා පුරාවිද්යා හා උරුම කළමනාකරණ ක්ෂේත්රයන්හී දීර්ඝ කාලීන අත්දැකීම් සහිත විද්වතුන් මෙම පාඨමාලාවේ සම්පත් දායකයින් වශයෙන් කටයුතු කරනු ලැබේ.
සම්පත්දායකයින්
ඔහු මධ්යම සංස්කෘතික අරමුදලේ සමුද්ර පුරාවිද්යා ඒකකයට (MAU) අනුයුක්ත ජ්යෙෂ්ඨ පුරාවිද්යා නිලධාරියෙකි. 2001 වසරේ සිට ඔහු ශ්රී ලංකාවේ සිදු කරන ලද දියයට පුරාවිද්යා ක්ෂේත්ර ව්යාපෘති බහුතරයකට මෙන්ම යුනෙස්කෝ (UNESCO) කලාපීය ක්ෂේත්ර පුහුණු වැඩසටහන් කිහිපයකට ද සහභාගී වී ඇත. ඔහු දක්ෂ දියයට ඡායාරූප ශිල්පියෙකු මෙන්ම PADI ජාත්යන්තර ස්කූබා (SCUBA) කිමිදුම් උපදේශකයෙකු ද වේ.
පසුගිය වසර 15 පුරා, ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූලව ශ්රී ලංකාව තුළ සමුද්ර පුරාවිද්යාව ස්ථාපිත කිරීමට සහ ප්රචලිත කිරීමට ඔහු ක්රියාකාරී දායකත්වයක් ලබා දී ඇත. එසේම, දේශීය විශ්වවිද්යාල සඳහා දියයට පුරාවිද්යා අධ්යාපනය හඳුන්වා දීමටත්, ඒ ආශ්රිත පාඨමාලා ව්යුහයන් සහ අධ්යයන වැඩසටහන් සකස් කිරීමටත් ඔහු පුරෝගාමී වී ඇත.
ශ්රී ලංකාවේ මොරටුව විශ්ව විද්යාලයෙන් වාස්තුවිද්යා උපාධිය ලබා ගෙන එම විශ්ව විද්යාලයෙන්ම වාස්තුවිද්යා පශ්චාත් උපාධි උපාධිය ලබා ගෙන ඇති මහාචාර්ය ප්රශාන්ත බී. මන්ඩාවල මහතා වරලත් වාස්තුවිද්යාඥයෙකි. එක්සත් රාජධානියේ යෝක් විශ්ව විද්යාලයේ පුරාවිද්යා උරුම කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි උපාධිය සම්පූර්ණ කර ඉතාලියේ වැනීසියේ පාෂාණ සංරක්ෂණය, නෝර්වේහි දැව සංරක්ෂණය, ICCROM - රෝමයේ වාස්තුවිද්යා සංරක්ෂණය, සිංගප්පූරුවේ සංචාරක සංවර්ධනය සහ නෙදර්ලන්තයේ HIS ආයතනයේ උරුම කළමනාකරණය පිලිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හදාරා වෘත්තීය පුහුණුව ලබා ඇත.
1981 දී උරුම කළමනාකරුවෙකු ලෙස ඔහුගේ වෘත්තීය ජීවිතය මධ්යම සංස්කෘතික අරමුදල විසින් කළමනාකරණය කරන ලද යුනෙස්කෝ-ශ්රී ලංකා සංස්කෘතික ත්රිකෝණ යෝජනාක්රමයට සම්බන්ධ වී වාස්තුවිද්යාඥයෙකු ලෙස ආරම්භ කළ අතර නේවාසික වාස්තුවිද්යාඥයෙකු, ව්යාපෘති කළමනාකරුවෙකු, සහකාර අධ්යක්ෂක (පරිපාලන හා සංවර්ධන), සහකාර අධ්යක්ෂක (සංවර්ධන), නියෝජ්ය අධ්යක්ෂක (සංවර්ධන) සහ අධ්යක්ෂ සංවර්ධන ලෙස වසර 21 ක් සේවය කළේය. මධ්යම සංස්කෘතික අරමුදලේ අලහන පරිවෙන, මහා විහාර සහ ජෙතවන විහාර ව්යාපෘති බාර සංරක්ෂණ අධ්යක්ෂ ලෙස සේවය කර ඇත. ඔහු පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස වසර 2 යි මාස 7 ක් සේවය කර ඇත.
ඔහු විසින් පිලියෙල කරන ලද ගාල්ල ලෝක උරුමය සඳහා කලමනාකරණ සැලැස්ම හා සංචාරක කලමනාකරණ සැලැස්ම UNESCO ආයතනය විසින් පිලිගෙන ඇති අතර මොහු සතුව වසර 40 ක ශ්රී ලංකාවේ පුරාවිද්යා උරුම කලමණාකරණය පිලිබඳ ප්රායෝගික දැනුමක් ඇත.
නදීර හර්ෂජිත් දිසානායක පුරාවිද්යාත්මක ලේඛනගත කිරීම, උරුම කළමනාකරණය, භූගෝලීය තොරතුරු පද්ධති (GIS), පුරාවස්තු චිත්රණය සහ ඩිජිටල් දෘශ්යකරණය පිළිබඳ විශේෂඥත්වය ඇති පුරාවිද්යාඥයෙකු සහ පර්යේෂකයෙකි. ඔහු මේ වන විට කැලණිය විශ්වවිද්යාලයේ පුරාවිද්යාව පිළිබඳ MPhil උපාධිය හදාරන අතර, පුරාවිද්යා හා උරුම අධ්යයන ආයතනයේ පර්යේෂකයෙකු ලෙස සේවය කරයි. පුරාවිද්යාත්මක කැණීම්, සිතියම්කරණය, ග්රැෆික් නිර්මාණ, ඡායාරූපමිතිය (Photogrammetry) සහ උරුම ප්රකාශන ක්ෂේත්රවල පුළුල් අත්දැකීම් ඇති ඔහු Adobe Creative Suite, AutoCAD, ArcGIS සහ පුරාවිද්යාත්මක ක්ෂේත්ර ලේඛනගත කිරීම පිළිබඳ දක්ෂතාවයෙන් යුක්තය.
ඉන්දික රුවන් ජයසේකර ක්ෂේත්ර පුරාවිද්යාව, පුරාවිද්යාත්මක චිත්රණය, ඩිජිටල් ලේඛනගත කිරීම සහ උරුම දෘශ්යකරණය පිළිබඳ විශේෂඥත්වය ඇති පුරාවිද්යාඥයෙකි. ඔහුගේ පර්යේෂණ ප්රාග් ඓතිහාසික හා පූර්ව ඓතිහාසික පුරාවිද්යාව, භූදර්ශන පුරාවිද්යාව, වෙරළබඩ ජනාවාස සහ ශ්රී ලංකාවේ පුරාවිද්යාත්මක ලේඛනගත කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. ජාත්යන්තර සහයෝගිතා පර්යේෂණ ව්යාපෘති, ශාස්ත්රීය ප්රකාශන සහ Journal of Archaeology and Heritage Studies සඟරාවේ සහකාර සංස්කාරකවරයෙකු සහ ප්රකාශන නිර්මාණ ශිල්පියෙකු ලෙස ඔහු දායකත්වය ලබා දී ඇත. ඔහුගේ විශේෂඥතාවන් අතර GIS, පුරාවිද්යාත්මක සිතියම්කරණය, පුරාවස්තු චිත්රණය, ග්රැෆික් නිර්මාණය සහ ඩිජිටල් උරුම ලේඛනගත කිරීම ඇතුළත් වේ.
ආචාර්ය ගාමිණී විජේසූරිය යනු ශ්රී ලාංකික ප්රවීන වාස්තු විද්යාඥයෙකු, පුරාවිද්යාඥයෙකු සහ උරුම කළමනාකරණය පිළිබඳ ජාත්යන්තර විශේෂඥයෙකි. කුරුණෑගල උපත ලද ඔහු, මොරටුව විශ්වවිද්යාලයෙන් සිය මූලික උපාධියත්, නෙදර්ලන්තයේ ලයිඩන් විශ්වවිද්යාලයෙන් සිය ආචාර්ය උපාධියත් හිමි කර ගත්තේය.
ශ්රී ලංකා පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ වාස්තුවිද්යා සංරක්ෂණ අධ්යක්ෂ ලෙස වසර 18ක් සේවය කළ ඔහු, රෝමයේ ICCROM ආයතනයේ සේවය කළ ප්රථම ආසියාතිකයා ද වෙයි. ජාත්යන්තර සංස්කෘතික උරුමයන් සංරක්ෂණයට කළ අමිල මෙහෙවර වෙනුවෙන් ඔහු 2021 වසරේදී ගෞරවනීය ICCROM සම්මානයෙන් ද පිදුම් ලැබීය.
චන්දිම අඹන්වල යනු පුරාවිද්යා විෂයය පිළිබඳ හසළ දැනුමක් ඇති, ජාතික මට්ටමින් ඇගයීමට ලක්වූ පුරාවිද්යාඥයෙකි. ඔහු IAHS ආයතනය පිළිබඳ සිය දැක්ම එහි සම-නිර්මාතෘ අනුරාධා සමඟ එක්ව බෙදාහදා ගනී.
ශ්රී ලංකාවේ ප්රාග් ඉතිහාසය සහ සෙල්ලිපි කලාව (අභිලේඛන විද්යාව) පිළිබඳ විශිෂ්ට වෘත්තීය ගමනකට හිමිකම් කියන චන්දිම, ශාස්ත්රීය ලිපි ලේඛන රැසක් ප්රකාශයට පත් කර ඇත. ඔහු 2011 වසරේ සිට රජරට විශ්වවිද්යාලයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස තරුණ විද්වතුන් සහ පුරාවිද්යාඥයින් දිරිමත් කරමින් සිටියි.
ශ්රී ලංකාවේ පුරාවිද්යාව සහ උරුම කළමනාකරණය පිළිබඳ වසර 20කට වැඩි පළපුරුද්දක් ඇති පුරාවිද්යාඥ චන්දිම, සිය ක්ෂේත්ර නිපුණතා ශාස්ත්රීය සීමාවෙන් ඔබ්බට ව්යාප්ත කිරීමට අපේක්ෂා කරයි. ඔහු උපදේශන ව්යාපෘතිවලට නායකත්වය දෙන ක්ෂේත්ර ප්රවීණයා වන අතර, සෘජුවම පුරාවිද්යාත්මක ස්ථානීය කටයුතු සඳහා ක්රියාකාරීව දායක වේ.
කැලණිය විශ්වවිද්යාලයේ ආයතනික පුහුණුව හා ශක්යතා සංවර්ධන අධ්යයන ඒකකයේ කථිකාචාර්යවරයෙකු වන එතුමා, ශාස්ත්රීය ක්ෂේත්රයේ පුළුල් අත්දැකීම් ඇති විද්වතෙකි. කැලණිය විශ්වවිද්යාලයේම නාට්ය හා රංග කලා මෙන්ම ප්රතිබිම්බ කලා අධ්යයන ඒකකයන්හි දේශන පවත්වන එතුමා, ඡායාරූප ශිල්ප ඩිප්ලෝමා පාඨමාලාවට වසර එකොළහක් ද, පුරාවිද්යා ඡායාරූපකරණය පිළිබඳව වසර හතරක් ද සිය ශාස්ත්රීය දායකත්වය සපයා ඇත. එසේම, සෞන්දර්ය කලා විශ්වවිද්යාලයේ ද වසර තුනක් බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරමින්, ඡායාරූපකරණය සහ කලා අධ්යාපනය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ විශිෂ්ටයෙකි.
අනුරාධ පියදාස 2007 වසරේ සිට වෘත්තීය අත්දැකීම් ඇති ශ්රී ලාංකික වෙබ් සංවර්ධකයෙකු, WebGIS විශේෂඥයෙකු සහ ඩිජිටල් උරුම සංරක්ෂණ ක්ෂේත්රයේ වෘත්තිකයෙකි. ඔහුගේ කාර්යය පුරාවිද්යාව, උරුම කළමනාකරණය, අධ්යාපනය සහ සංචාරක ක්ෂේත්ර සඳහා ඩිජිටල් තාක්ෂණයන් යොදා ගැනීම කෙරෙහි අවධානය යොමු කරයි. archaeology.lk, ශ්රී ලංකා ජාතික මුහුදුබත් නෞකා දත්ත සමුදාය, MuseQR සහ Digital Epigraphy Portal ඇතුළු උරුම ක්ෂේත්රයට අදාළ වෙබ් අඩවි, දත්ත සමුදා, සිතියම්කරණ වේදිකා සහ ඩිජිටල් අර්ථකථන පද්ධති රැසක් ඔහු විසින් සංවර්ධනය කර ඇත. එමෙන්ම ඔහු ශ්රී ලංකාවේ පුරාවිද්යා හා උරුම අධ්යයන ආයතනයටද දායකත්වය සපයයි.
ඇය කැලණිය විශ්වවිද්යාලයෙන් සංචාරක සහ සංස්කෘතික සම්පත් කළමනාකරණය පිළිබඳ ප්රථම පන්තියේ ගෞරව උපාධියක් ලබා ගත් තම කණ්ඩායමේ විශිෂ්ටතම ශිෂ්යාව (Batch Top Achiever) වේ. ඇයගේ මෙම ශාස්ත්රීය විශිෂ්ටත්වයට වෝකර්ස් ටුවර්ස් (Walkers Tours Sri Lanka) ආයතනයේ සංචාරක උපදේශකවරියක ලෙස ලබාගත් ප්රායෝගික කර්මාන්ත අත්දැකීම් ද මනා පිටිවහලක් වී ඇත. සම්මානලාභී පර්යේෂිකාවක වන ඇය, තිරසාර සංචාරක ව්යාපාරය, සංස්කෘතික, මෙන්ම ඩිජිටල් සංචාරක ව්යාපාරය ආශ්රිත පර්යේෂණ පත්රිකා රැසක් සම්මන්ත්රණ සඳහා ඉදිරිපත් කර ප්රකාශයට පත් කර තිබේ. උද්යෝගිමත් අධ්යාපනඥවරියක ලෙස ශිෂ්ය කේන්ද්රීය ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීමට ඇය කැපවී සිටියි. සංචාරක ක්ෂේත්රයේ වගකීම් සහගත වෘත්තිකයන් බිහිකිරීම සහ ඔවුන්ගේ විචාරාත්මක චින්තනය දිරිගැන්වීම සඳහා ඇය සිය ශාස්ත්රීය දැනුම මෙන්ම කර්මාන්තය පිළිබඳ අත්දැකීම් ද සිසුන් සමඟ බෙදා ගනියි.
පාඨමාලාව සඳහා පූර්ව සුදුසුකම් :
මෙම පාඨමාලාව හැදෑරීම සඳහා විශේෂ පූර්ව සුදුසුකම් අපේක්ෂා කරනු නොලැබේ. සිංහල බස අසා අවබෝධ කර ගැනීමේ හැකියාව ප්රමාණවත් වේ.
පාඨමාලාව ඉදිරිපත් කිරීම හා කළමනාකරණය :
වසර දශක එකහමාරක් ශ්රී ලාංකේය පුරාවිද්යා දැනුම ක්රමවත් හා වඩා විශ්වාසනීය අන්දමින් විශ්වව්යාප්ත ජාලය ඔස්සේ ජනගත කරමින්, ඒ සඳහා වේදිකාව සපයමින් කටයුතු කළ archaeology.lk ජාලයේ ශාස්ත්රීය කටයුතු මෙහෙයවන පුරාවිද්යා හා උරුම අධ්යයන ආයතනය (Institute of Archaeology and Heritage Studies– IAHS) විසින් මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ. 2021 වසරේ දී මෙම ශීර්ෂය යටතේ ම මෙම පාඨමාලාව පළමු වැනි වරට මාර්ගගත ආකාරයෙන් අති සාර්ථකව ඉදිරිපත් කළ අතර කාලානූරුපීව වර්ධනය කරන ලද විෂය මාලාවකට අනුව මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ.
පුරාවිද්යාව හා උරුමය සම්බන්ධ පාඨමාලා මාර්ගගත අකාරයෙන් ඉදිරිපත් කර මුළුමහත් සිංහල භාෂක සමාජයට කිසිදු භේදයකින් තොරව පුරාවිද්යාව හා සමගාමි විෂයයන් පිළිබඳ අවබෝධයක් ලබා දීමේ අරමුණින් කටයුතු කළ, පුරෝගාමි ආයතයන වන පුරාවිද්යා හා උරුම අධ්යයන ආයතනය ස්වේච්ඡා පදනමින් ක්රියාත්මක වන ශ්රී ලංකාවේ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි ලාභ නොලබන සමාගමකි. විවිධ ශිර්ෂ යටතේ මාර්ගගත පාඨමාලා ගණනාවක් ඉදිරිපත් කර විද්යාර්ථින් 500 පමණ දැනුම ලබා ගැනීමට අවස්ථාව උදාකළ මෙම ආයතනය මෙම පාඨමාලා ඉදිරිපත් කිරීමෙන් ලබාගන්නා යම් ආදායමක් වේ නම් එය නැවත ක්ෂේත්රයේ උන්නතිය උදෙසාම කැප කරනු ලබයි.
පුරාවිද්යාව, ඉතිහාසය හා උරුම අධ්යයනය සම්බන්ධයෙන් ඔබ අප ආයතනය තෝරාගත යුත්තේ ඇයි?
- අරමුණු සපුරාගත හැකි ඉලක්කගත විෂය නිර්දේශ
- විධිමත් ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය
- විශිෂ්ඨ සම්පත් දායක මඩුල්ල
- පාඨමාලා සංවිධාන ව්යුහයේ හා ඉදිරිපත් කිරීමේ විධිමත් බව
- දේශන හා අනෙකුත් ඉගෙනුම් ක්රියාවලිය හා සම්බන්ධ කටයුතු වල පවතින නියමිත වේලාවට වැඩකටයුතු සිදුකිරීම
- සුහදශීලි හා ක්ෂණික සම්බන්ධිකරණ ප්රතිචාර හා පසුවිපරම
- විවිධ ක්ෂේත්ර හා විවිධ සමාජ මට්ටම් නියෝජනය කරන ආදි සිසුන්
- පුරාවිද්යාව, ඉතිහාසය හා උරුම අධ්යයනය සම්බන්ධ මාර්ගත මාඨමාලා පිළිබඳ පුරෝගාමී ආයතනය
- සමාන්තර තරඟකාරී ආයතනයක් නොවී ප්රවණතා හඳුන්වා දීමේ පුරෝගාමී ආයතනය වීම
- මුල් පාඨමාලාවෙන් පසු අනෙකුත් පාඨමාලා සඳහා ආකර්ශනීය සහන හිමි වීම
දේශන පැවැත්වෙන ආකාරය :
මාර්ගගත දේශන කාලය පැය 30කි.
මෙම ශ්රී ලංකාවේ පුරා අක්ෂර හා අභිලේඛන පරිචය පාඨමාලාව මාර්ගගත ක්රමයට පැවැත්වේ. මේ සඳහා Zoom මෘදුකාංගය භාවිතා කරනු ඇත. දේශන අඟහරුවාදා හා සිකුරාදා දිනවල රාත්රි 8 සිට 10 දක්වා පැවැත්වේ. සෑම දේශනයක් ම පටිගත කර අපගේ LMS එක හරහා ඔබට වෙනත් අවස්ථාවක ඇසීමේ පහසුකම අප විසින් සලසා දෙනු ඇත. එම දේශනය පිළිබඳ ගැටලු ඇත්නම් සම්බන්ධීකාරක හරහා අදාළ දේශකවරයාට යොමු කළ හැක. මෙම පටිගත කළ වීඩියෝ පාඨමාලාව අවසන් වී තවත් මාස දෙකක් යන තුරු ඔබට නැරඹීමේ අවස්ථාව ලබා දෙනු ඇත.
දේශන
| මාතෘකාව | දිනය | වේලාව (ශ්රී ලංකා) | දේශකයා |
|---|---|---|---|
|
හැඳින්වීම
|
2026 අගෝස්තු 11 | Aug 11, 2026 8:00 PM +0530 – 10:00 PM +0530 |
සියලු සම්පත්දායකයන් හා IAHS කණ්ඩායම
|
|
පුරාවිද්යාව හඳුනා ගනිමු
|
2026 අගෝස්තු 14 | Aug 14, 2026 8:00 PM +0530 – 10:00 PM +0530 |
චන්දිම අඹන්වල
|
|
ලෝක පූරාවිද්යාවේ ආරම්භය හා විකාශය
|
2026 අගෝස්තු 18 | Aug 18, 2026 8:00 PM +0530 – 10:00 PM +0530 |
නදීර දිසානායක
|
|
මිනිස් අතීතයේ යුග බෙදීම
|
2026 අගෝස්තු 21 | Aug 21, 2026 8:00 PM +0530 – 10:00 PM +0530 |
නදීර දිසානායක
|
|
ශ්රී ලංකාවේ පුරාවිද්යාව හා සම්බන්ධ ආයතන පද්ධතිය හා නෛතික තත්ත්වය
|
2026 අගෝස්තු 25 | Aug 25, 2026 8:00 PM +0530 – 10:00 PM +0530 |
ප්රශාන්ත මණ්ඩාවල
|
|
පුරාවිද්යා ගවේෂණය
|
2026 අගෝස්තු 28 | Aug 28, 2026 8:00 PM +0530 – 10:00 PM +0530 |
ඉන්දික ජයසේකර
|
|
පුරාවිද්යා කැනීම
|
2026 සැප්තැම්බර් 1 | Sep 1, 2026 8:00 PM +0530 – 10:00 PM +0530 |
චන්දිම අඹන්වල
|
|
පුරාවිද්යා ක්ෂේත්ර, ඒවායේ ස්වභාවය හා හඳුනා ගැනීම
|
2026 සැප්තැම්බර් 4 | Sep 4, 2026 8:00 PM +0530 – 10:00 PM +0530 |
නදීර දිසානායක
|
|
දියයට පුරාවිද්යාව
|
2026 සැප්තැම්බර් 8 | Sep 8, 2026 8:00 PM +0530 – 10:00 PM +0530 |
රසික මුතුකුමාරණ
|
|
වාස්තුවිද්යා සංරක්ෂණය
|
2026 සැප්තැම්බර් 11 | Sep 11, 2026 8:00 PM +0530 – 10:00 PM +0530 |
ආචාර්ය ගාමිණී විජේසූරිය
|
|
පුරාවිද්යා ඡායාරූපකරණය
|
2026 සැප්තැම්බර් 15 | Sep 15, 2026 8:00 PM +0530 – 10:00 PM +0530 |
ච
චමිල කරුණාරත්න
|
|
පුරාවිද්යාව හා අංකිත තාක්ෂණය
|
2026 සැප්තැම්බර් 18 | Sep 18, 2026 8:00 PM +0530 – 10:00 PM +0530 |
අනුරාධ පියදාස
|
|
සංස්කෘතික සංචරණය
|
2026 සැප්තැම්බර් 22 | Sep 22, 2026 8:00 PM +0530 – 10:00 PM +0530 |
තීර්ෂ්යා අබේසේකර
|
|
පුරාවිද්යාව, නව ප්රවණතා හා සමාජය
|
2026 සැප්තැම්බර් 25 | Sep 25, 2026 8:00 PM +0530 – 10:00 PM +0530 |
නදීර දිසානායක
|
|
පොදු සාකච්ඡාව
|
2026 සැප්තැම්බර් 29 | Sep 29, 2026 8:00 PM +0530 – 10:00 PM +0530 |
සියලු සම්පත්දායකයන් හා IAHS කණ්ඩායම
|
ආසියා/කොළඹ (ශ්රී ලංකා) වේලා කලාපය අනුව උපලේඛිතයි.
ප්රායෝගික :
සහභාගි වන විද්යාර්ථින්ගේ රුචිකත්වය මත අනුරාධපුර / පොළොන්නරු ඓතිහාසික ප්රදේශ අළලා ක්ෂේත්ර සංචාරය. (ඒ සඳහා වැය වන මුදල මෙම පාඨමාලා ගාස්තුවට අන්තර්ගත නොවන බව කාරුණිකව සලකන්න.)
පාඨමාලා ගාස්තුව හා අයදුම් කිරීම :
මෙම පාඨමාලාව සඳහා පළමු ලියාපදිංචි පදනම (first come first serve) මත සීමිත සිසුන් පිරිසක් පමණක් බදවා ගන්නා බව කාරුණික ව සලකන්න.
මෙම පාඨමාලාව සඳහා සම්පූර්ණ ගාස්තුව රුපියල් 15,000 ක් වේ. මෙම පාඨමාලාවට අයදුම්පත් භාර ගැනීම 2026 ජූලි 24 වන දින සිට 2026 අගෝස්තු 05 වැනිදා දක්වා වේ. 2026 අගෝස්තු 11වැනිදා වන දින හෝ ඊට ප්රථම පාඨමාලා ගාස්තුව ගෙවිය යුතුය. අප ආයතනයේ කලින් පාඨමාලා හැදැරු සිසුන් සඳහා 10% වට්ටමක් හිමි වේ. මේ සඳහා පාඨමාලා සමිබන්ධීකාරිකාව අමතන්න.
2026 අගෝස්තු 11 වැනිදා වන දින පාඨමාලාව ආරම්භ වේ.
ශිෂ්ය ඇඟයීම :
මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කරන සියලු දෙනාට පුරාවිද්යා හා උරුම අධ්යයන ආයතනය විසින් වටිනා සහතික පතක් නිකුත් කරනු ලැබේ. සහතික පත නිකුත් කිරීමේ දී දේශන සඳහා ලබා දී ඇති සහභාගිත්වය පිළිබඳ සැලකිලිමත් වේ (දේශන සඳහා සහභාගීත්වය අවම වශයෙන් සියයට 70ක් විය යුතු වේ).
නිතර අසන ප්රශ්න
මෙම පාඨමාලාවට වාරික වශයෙන් මුදල් ගෙවිය හැකි ද?
ඔව්. වරික වශයෙන් මුදල් ගෙවිය හැක. ඔබගේ LMS ගිණුම හරහා ඉල්ලීම කරන්න.
පාඨමාලා අයදුම්පත
මෙම පාඨමාලාව සඳහා අයදුම්පත් භාර ගැනීම දැනට වසා ඇත. කරුණාකර පසුව නැවත පරීක්ෂා කරන්න හෝ වැඩි විස්තර සඳහා ආයතනය හා සම්බන්ධ වන්න.