Institute of Archaeology and Heritage Studies (IAHS)

පාඨමාලා විස්තර

SI අයදුම් වසන් වී ඇත

පුරාවිද්‍යාත්මක දත්ත කළමනාකරණය සහ සිතියම් කරණය සඳහා වූ භූගෝලීය විද්‍යා තොරතුරු පද්ධතිය (GIS) සහ දුරස්ථ සංවේදනය (Remote Sensing) - දෙවන කාණ්ඩය

මෙම පාඨමාලාව මගින් භූගෝලීය තොරතුරු පද්ධතිය (GIS) සහ දුරස්ථ සන්වේදනය (Remote Sensing) පිළිබඳ මූලික හැඳින්වීමක් ශ්‍රී ලංකාවට අදාළ පුරාවිද්‍යාත්මක යෙදුම් පිළිබඳ විශේෂ අවධාරණයක් සහිතව ලබා දීමට බලාපොරොත්තු වේ.

පාඨමාලා විස්තර

කාලය
සති 7
බෙදාහැරීමේ ක්‍රමය
Online
උගන්වන මාධ්‍යය
සිංහල
අයදුම් / intake දින
2026 ඔක්තෝබර් 5 – 2026 ඔක්තෝබර් 23
ඇතුළත් වීමේ අවශ්‍යතා
සිංහල භාෂාව තේරුම් ගැනීමට හා මුලික පුරාවිද්‍යාව පිළිබඳ දැනුමක් හෝ මෙම විෂය පිළිබඳ උනන්දුවක් තිබීම
ගාස්තුව (LKR)
LKR 20,000.00
ලබා දෙන සහතිකය
Certificate of Completion
සහතිකය ලබා දෙන්නේ
Institute of Archaeology and Heritage Studies

පාඨමාලා සම්බන්ධීකාරක

සිතුමි බොතේජු

සිතුමි බොතේජු

පාඨමාලා සම්බන්ධීකාරක

sithumi@iahs.lk

ජංගම දුරකථනය: 0767843428

WhatsApp: 0767843428

පාඨමාලා කළමනාකරු

අනුරාධ පියදාස

අනුරාධ පියදාස

පාඨමාලා කළමනාකරණය

anu826@gmail.com

ජංගම දුරකථනය: 0777428282

WhatsApp: 0777428282

පාඨමාලාවේ අරමුණු :

කෙටිකාලින මාර්ගගත මෙම පාඨමාලාව ඉදිරිපත් කිරීම මඟින් පහත දැක්වෙන අරමුණු ඉටුකරගැනීමට අපේක්ෂා කරනු ලැබේ.

  • න්‍යායාත්මක අවබෝධය: පුරාවිද්‍යා විෂය පථය තුළ භූගෝලීය තොරතුරු පද්ධති (GIS) සහ අවකාශීය චින්තනය (Spatial Thinking) පිළිබඳ මූලික න්‍යායාත්මක පදනමක් ගොඩනැගීම.

  • දත්ත කළමනාකරණය: පුරාවිද්‍යාත්මක ගවේෂණ සහ කැණීම්වලින් ලබාගන්නා විවිධ අවකාශීය දත්ත වර්ග හඳුනාගැනීමට සහ ඒවා විධිමත් දත්ත සමුදායක් ලෙස කළමනාකරණය කිරීමට අවශ්‍ය ශිල්පීය ක්‍රම හඳුන්වා දීම.

  • මෘදුකාංග ප්‍රායෝගික පුහුණුව: පුරාවිද්‍යාත්මක සිතියම්කරණය සඳහා බහුලව භාවිත වන ArcGIS සහ QGIS වැනි මෘදුකාංග හැසිරවීමේ ප්‍රායෝගික කුසලතා වර්ධනය කිරීම.

  • දේශීය ප්‍රමිති භාවිතය: ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක සිතියම්කරණයේදී භාවිත වන ඛණ්ඩාංක පද්ධති (Coordinate Systems) සහ ප්‍රක්ෂේපණ (Projections) නිවැරදිව යෙදවීමේ වැදගත්කම සහ ක්‍රමවේදය ඉගැන්වීම.

  • සිතියම්කරණය සහ අර්ථ නිරූපණය: ප්‍රමිතිගත පුරාවිද්‍යාත්මක සිතියම් නිර්මාණය කිරීමේ සිට ඒවා දෘශ්‍යකරණය කිරීම සහ එම දත්ත මගින් අතීත මානව ක්‍රියාකාරකම් පිළිබඳ අර්ථකථන සැපයීමට ශිෂ්‍යයා හුරු කරවීම.

  • අවකාශීය විශ්ලේෂණය: මූලික අවකාශීය විශ්ලේෂණ මෙවලම් (Spatial Analysis Tools) භාවිතයෙන් පුරාවිද්‍යාත්මක පර්යේෂණ ගැටලු විසඳීමට සහ රටාවන් හඳුනා ගැනීමට අවශ්‍ය දැනුම ලබා දීම.

  • නවීන තාක්ෂණය භාවිතය: දුරස්ථ සංවේදනය (Remote Sensing), චන්ද්‍රිකා ජායාරූප සහ LiDAR වැනි නවීන තාක්ෂණික දත්ත මගින් පොළොව මතුපිට නොපෙනෙන පුරාවිද්‍යාත්මක සාධක හඳුනාගන්නා ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා දීම.

අධ්‍යයන ඵල :

මෙම කෙටි කාලීන (මාර්ගගත) පුරාවිද්‍යාත්මක දත්ත කළමනාකරණය සහ සිතියම් කරණය සඳහා වූ භූගෝලීය විද්‍යා තොරතුරු පද්ධතිය (GIS) සහ දුරස්ථ සංවේදනය (Remote Sensing) පාඨමාලාව හදාරණ විද්‍යාර්ථියාට අදාළ පාඨමාලා කාලය අවසන් කිරීමෙන් පසු ව;

    • පුරාවිද්‍යාවට අදාල මූලික GIS සංකල්ප සහ අවකාශීය චින්තනය අවබෝධ කර ගැනීම.
    • විවිධ වර්ගයේ පුරාවිද්‍යාත්මක අවකාශීය දත්ත හඳුනා ගැනීම සහ කළමනාකරණය කිරීම.
    • මූලික පුරාවිද්‍යාත්මක සිතියම්කරණය සඳහා GIS මෘදුකාංග (ArcGIS සහ QGIS) භාවිතා කිරීම.
    • ශ්‍රී ලංකාවේ භාවිතා කරන සුදුසු ඛණ්ඩාංක පද්ධති යෙදීම.
    • පුරාවිද්‍යාත්මක සිතියම් නිර්මාණය කිරීම, දෘශ්‍යකරණය කිරීම සහ අර්ථ නිරූපණය කිරීම.
    • පුරාවිද්‍යාත්මක පර්යේෂණවලට අදාළ මූලික අවකාශීය විශ්ලේෂණයන් සිදු කිරීම.
    • පුරාවිද්‍යාත්මක අර්ථ නිරූපණයේදී දුරස්ථ සන්වේදනයෙන් ලබාගත් දත්තයන්හි (චන්ද්‍රිකා ජායාරූප සහ LiDAR) කාර්යභාරය අවබෝධ කර ගැනීම.

හැඳින්වීම

මෙම පාඨමාලාව මගින් භූගෝලීය තොරතුරු පද්ධතිය (GIS) සහ දුරස්ථ සන්වේදනය (Remote Sensing) පිළිබඳ මූලික හැඳින්වීමක් ශ්‍රී ලංකාවට අදාළ පුරාවිද්‍යාත්මක යෙදුම් පිළිබඳ විශේෂ අවධාරණයක් සහිතව ලබා දීමට බලාපොරොත්තු වේ. මෙය  භූගෝලීය තොරතුරු පද්ධතිය සහ දුරස්ථ සන්වේදනය පිළිබඳව පූර්ව දැනීමක් නොමැති අය සඳහා නිර්මාණය කර ඇති අතර අවකාශීය චින්තනය වර්ධනය කිරීම, පුරාවිද්‍යාත්මක අවකාශීය දත්ත අවබෝධ කර ගැනීම සහ සිතියම්කරණය, දෘශ්‍යකරණය සහ මූලික විශ්ලේෂණය සඳහා මූලික GIS සහ RS තාක්ෂණයන් යෙදවීම කෙරෙහි අවධානය යොමු කරයි. පාඨමාලාව න්‍යායාත්මක අවබෝධය සහ ප්‍රායෝගික අභ්‍යාස අතර සමබරතාවයක් පවත්වා ගන්නා අතර, සිසුන්ට පුරාවිද්‍යාත්මක පර්යේෂණ, උරුම කළමනාකරණය සහ අධ්‍යයන කටයුතු සඳහා සහායක මෙවලමක් ලෙස භූගෝලීය තොරතුරු පද්ධතිය විශ්වාසයෙන් යුතුව භාවිතා කිරීමට ඉඩ සලසයි.

මෙම පාඨමාලාව කා සඳහා ද?

මාර්ගගත ආකාරයෙන් පැවැත්වෙන මෙම පුරාවිද්‍යාත්මක දත්ත කළමනාකරණය සහ සිතියම් කරණය සඳහා වූ භූගෝලීය විද්‍යා තොරතුරු පද්ධතිය (GIS) සහ දුරස්ථ සංවේදනය (Remote Sensing) පාඨමාලාව පහත දැක්වෙන කණ්ඩායම් සඳහා දැනුමත් අවබෝධයත්, විෂය පිළිබඳ පරිචයත් ලබා ගැනීම සඳහා වැදගත් වනු ඇත.

  • උපාධි පාඨමාලා සඳහා පුරාවිද්‍යාව හා ඉතිහාසය හදාරණු ලබන විද්‍යාර්ථීන්
  • බාහිර උපාධි පාඨමාලා සඳහා පුරාවිද්‍යාව හා ඉතිහාසය හදාරණු ලබන විද්‍යාර්ථීන්
  • පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා අනෙකුත් සමාගාමි ආයතනයන්හි සේවය කරනු ලබන නිලධාරින්
  • උසස් පෙළ භූගෝල විද්‍යාව හා ඉතිහාස විෂයන් හදාරණු ලබන පාසල් සිසුන්
  • විශ්වවිද්‍යාලයන්හි පුරාවිද්‍යාව හා ඉතිහාසය පාඨමාලා හැදෑරීමට අපේක්ෂිත විද්‍යාර්ථීන්
  • ඉතිහාස විෂය උගන්වනු ලබන පාසල් ගුරුවරුන්
  • භූගෝලීය විද්‍යා තොරතුරු පද්ධතිය (GIS) සහ දුරස්ථ සංවේදනය (Remote Sensing) පිළිබඳ විධිමත් හා නිවැරදි කරුණු පිළිබඳ දැනුමක් හා අවබෝධයක් ලබා ගැනීම සඳහා උනන්දු පුරවැසියන්

පාඨමාලාවේ සම්පත් දායකයින් :

පුරාවිද්‍යා විෂය සඳහා භූගෝලීය විද්‍යා තොරතුරු පද්ධතිය (GIS) සහ දුරස්ථ සංවේදනය (Remote Sensing) පිළිබඳ විධිමත් අවබෝධයක් සහිත, ඒ පිළිබඳ ප්‍රායෝගික අවබෝධයෙන් යුතු ශාස්ත්‍රාලීය පසුබිමක් සහිත අයවලුන් පමණක් මෙම පාඨමාලාවේ සම්පත් දායකයින් වශයෙන් කටයුතු කරනු ලබයි.

සම්පත්දායකයින්

මනෝජ් මද්දුමආරච්චි
මනෝජ් මද්දුමආරච්චි

එම්.ඒ. සමන්దిక මනෝජ් මද්දුම ආරච්චි
විද්‍යාපති (MSc) - භූගෝලීය තොරතුරු පද්ධති (GIS) සහ දුරස්ථ සංවේදනය, ශාස්ත්‍රවේදී (ගෞරව) - භූගෝල විද්‍යාව

එම්.ඒ. සමන්තික මනෝජ් මද්දුම ආරච්චි මහතා භූගෝලීය තොරතුරු පද්ධති (GIS) සහ දුරස්ථ සංවේදනය (Remote Sensing) පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත පර්යේෂකයෙකි. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් GIS සහ දුරස්ථ සංවේදනය පිළිබඳ විද්‍යාවේදී පශ්චාත් උපාධිය (MSc) ලබා ඇත.

LiDAR තාක්ෂණය, SAR (Synthetic Aperture Radar) දත්ත සහ බහු වර්ණාවලි චන්ද්‍රිකා ඡායාරූප (Landsat & Sentinel) භාවිතයෙන් සිදුකරන උසස් අවකාශීය විශ්ලේෂණයන් සම්බන්ධයෙන් ඔහුට මනා පළපුරුද්දක් ඇත. විශේෂයෙන්ම පුරාවිද්‍යාත්මක භූ දර්ශන ප්‍රතිනිර්මාණය කිරීම, වෙරළ සංරක්ෂණය සහ ආපදා කළමනාකරණය සඳහා GIS තාක්ෂණය යොදා ගැනීම පිළිබඳව ඔහු පර්යේෂණ රැසක් සිදුකර ඇත. ArcGIS සහ QGIS මෘදුකාංග හැසිරවීම පිළිබඳ මනා නිපුණතාවයක් සහිත ඔහු, දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් පර්යේෂණ පත්‍රිකා රැසක් ප්‍රකාශයට පත් කර ඇති විද්වතෙකි.

පාඨමාලාව සඳහා පූර්ව සුදුසුකම් :

මෙම ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවට පිවිසෙමු පාඨමාලාව හැදෑරීම සඳහා විශේෂ පූර්ව සුදුසුකම් අපේක්ෂා නො කෙරේ. එහෙත් පාඨමාලා ව සමඟ මාර්ගගත ආකාරයෙන් සම්බන්ධ විය හැකි හා සිංහල බස අසා අවබෝධ කර ගැනීමට ඇති හැකියාව මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමට අවශ්‍ය වේ.

පාඨමාලාව ඉදිරිපත් කිරීම හා කළමනාකරණය :

වසර දශක එකහමාරක් ශ්‍රී ලාංකේය පුරාවිද්‍යා දැනුම ක්‍රමවත් හා වඩා විශ්වාසනීය අන්දමින් විශ්වව්‍යාප්ත ජාලය ඔස්සේ ජනගත කරමින්, ඒ සඳහා වේදිකාව සපයමින් කටයුතු කළ archaeology.lk ජාලයේ ශාස්ත්‍රීය කටයුතු මෙහෙයවන පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය (Institute of Archaeology and Heritage Studies– IAHS) විසින් මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ. 2021 වසරේ දී මෙම ශීර්ෂය යටතේ ම මෙම පාඨමාලාව පළමු වැනි වරට මාර්ගගත ආකාරයෙන් අති සාර්ථකව ඉදිරිපත් කළ අතර කාලානූරුපීව වර්ධනය කරන ලද විෂය මාලාවකට අනුව මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ.

පුරාවිද්‍යාව හා උරුමය සම්බන්ධ පාඨමාලා මාර්ගගත අකාරයෙන් ඉදිරිපත් කර මුළු මහත් සිංහල භාෂක සමාජයට කිසිදු භේදයකින් තොරව පුරාවිද්‍යාව හා සමගාමි විෂයයන් පිළිබඳ අවබෝධයක් ලබා දීමේ අරමුණින් කටයුතු කළ, පුරෝගාමි ආයතයන වන පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය ස්වේච්ඡා පදනමින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි ලාභ නොලබන සමාගමකි. විවිධ ශිර්ෂ යටතේ මාර්ගගත පාඨමාලා ගණනාවක් ඉදිරිපත් කර විද්‍යාර්ථින් 650 පමණ දැනුම ලබා ගැනීමට අවස්ථාව උදාකළ මෙම ආයතනය මෙම පාඨමාලා ඉදිරිපත් කිරීමෙන් ලබාගන්නා යම් ආදායමක් වේ නම් එය නැවත ක්‍ෂේත්‍රයේ උන්නතිය උදෙසාම කැප කරනු ලබයි.

පුරාවිද්‍යාව, ඉතිහාසය හා උරුම අධ්‍යයනය සම්බන්ධයෙන් ඔබ අප ආයතනය තෝරාගත යුත්තේ ඇයි?

  • අරමුණු සපුරාගත හැකි ඉලක්කගත විෂය නිර්දේශ
  • විධිමත් ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය
  • විශිෂ්ඨ සම්පත් දායක මඩුල්ල
  • පාඨමාලා සංවිධාන ව්‍යුහයේ හා ඉදිරිපත් කිරීමේ විධිමත් බව
  • දේශන හා අනෙකුත් ඉගෙනුම් ක්‍රියාවලිය හා සම්බන්ධ කටයුතු වල පවතින නියමිත වේලාවට වැඩකටයුතු සිදුකිරීම
  • සුහදශීලි හා ක්‍ෂණික සම්බන්ධිකරණ ප්‍රතිචාර හා පසුවිපරම
  • විවිධ ක්‍ෂේත්‍ර හා විවිධ සමාජ මට්ටම් නියෝජනය කරන ආදි සිසුන්
  • පුරාවිද්‍යාව, ඉතිහාසය හා උරුම අධ්‍යයනය සම්බන්ධ මාර්ගත මාඨමාලා පිළිබඳ පුරෝගාමී ආයතනය
  • සමාන්තර තරඟකාරී ආයතනයක් නොවී ප්‍රවණතා හඳුන්වා දීමේ පුරෝගාමී ආයතනය වීම
  • මුල් පාඨමාලාවෙන් පසු අනෙකුත් පාඨමාලා සඳහා ආකර්ශනීය සහන හිමි වීම

පාඨමාලා අන්තර්ගතය :

මෙම පාඨමාලාවේ අන්තර්ගතය, දේශකයන් හා සැකැස්ම පහත දක්වා ඇත.

දේශන පැවැත්වෙන ආකාරය :

මාර්ගගත දේශන කාලය පැය 28 කි.

මෙම පාඨමාලාව මාර්ගගත ක්‍රමයට පැවැත්වේ. මේ සඳහා Zoom මෘදුකාංගය භාවිතා කරනු ඇත. දේශන සඳුදා හා බ්‍රහස්පතින්දා දිනවල රාත්‍රි 8 සිට 10 දක්වා පැවැත්වේ. සෑම දේශනයක් ම පටිගත කර අපගේ LMS එක හරහා ඔබට වෙනත් අවස්ථාවක ඇසීමේ පහසුකම අප විසින් සලසා දෙනු ඇත. එම දේශනය පිළිබඳ ගැටලු ඇත්නම් සම්බන්ධීකාරක හරහා අදාළ දේශකවරයාට යොමු කළ හැක. මෙම පටිගත කළ වීඩියෝ පාඨමාලාව අවසන් වී තවත් මාස දෙකක් යන තුරු ඔබට නැරඹීමේ අවස්ථාව ලබා දෙනු ඇත.

දේශන

මාතෘකාව දිනය වේලාව (ශ්‍රී ලංකා) දේශකයා
ආරම්භක සැසිය

පුරාවිද්‍යාත්මක දත්ත කළමනාකරණය සහ සිතියම් කරණය සඳහා වූ භූගෝලීය විද්‍යා තොරතුරු පද්ධතිය (GIS) සහ දුරස්ථ සංවේදනය (Remote Sensing) පාඨමාලාව හඳුන්වා දීම (පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය, පාඨමාලාවේ අරමුණු, අන්තර්ගතය හා ව්‍යුහය)

2026 ඔක්තෝබර් 26 Oct 26, 2026 8:00 PM +0530 – 10:00 PM +0530
සියලු සම්පත්දායකයන් හා IAHS කණ්ඩායම සියලු සම්පත්දායකයන් හා IAHS කණ්ඩායම
Maps, Space, and the Origins of GIS
  • සිතියම් පරිණාමය සහ අවකාශීය නිරූපණය
  •  අවබෝධ කර ගැනීම සහ තීරණ ගැනීම සඳහා මෙවලම් ලෙස සිතියම්
  • පුරාවිද්‍යාවේ අවකාශීය චින්තනය හඳුන්වාදීම
  • GIS හි සංකල්පය සහ සංරචක
  • ශ්‍රී ලංකා පුරාවිද්‍යාවට GIS හි අදාළත්වය
2026 ඔක්තෝබර් 29 Oct 29, 2026 8:00 PM +0530 – 10:00 PM +0530
මනෝජ් මද්දුමආරච්චි මනෝජ් මද්දුමආරච්චි
පුරාවිද්‍යාව සඳහා මූලික GIS දත්ත සංකල්ප
  • අවකාශීය සහ අවකාශීය නොවන දත්ත
  • වෙක්ටර් (Vector) දත්ත ආකෘතිය: Point, Line, Polygon (පුරාවිද්‍යාත්මක උදාහරණ)
  • රාස්ටර් (Raster) දත්ත ආකෘතිය සහ භූ දර්ශන නිරූපණය
  • අවකාශීය ආයතන ලෙස පුරාවිද්‍යාත්මක ලක්ෂණ
2026 නොවැම්බර් 2 Nov 2, 2026 8:00 PM +0530 – 10:00 PM +0530
මනෝජ් මද්දුමආරච්චි මනෝජ් මද්දුමආරච්චි
පුරාවිද්‍යාත්මක අවකාශීය දත්ත සහ දත්ත මූලාශ්‍ර
2026 නොවැම්බර් 5 Nov 5, 2026 8:00 PM +0530 – 10:00 PM +0530
මනෝජ් මද්දුමආරච්චි මනෝජ් මද්දුමආරච්චි
ඛණ්ඩාංක සහ ප්‍රක්ෂේපණ
  • ස්ථානය සහ අවකාශීය තොරතුරු පද්ධතිවල වැදගත්කම
  • භූගෝලීය සහ ප්‍රක්ෂේපිත ඛණ්ඩාංක පද්ධති
  • ශ්‍රී ලංකාවේ ඛණ්ඩාංක පද්ධති: කඳවල සහ SLD99
  • පුරාවිද්‍යාත්මක GIS හි පොදු ඛණ්ඩාංක පද්ධති ගැටළු
  • දත්ත පරිවර්තනය
2026 නොවැම්බර් 9 Nov 9, 2026 8:00 PM +0530 – 10:00 PM +0530
මනෝජ් මද්දුමආරච්චි මනෝජ් මද්දුමආරච්චි
GIS මෘදුකාංග හැඳින්වීම (ArcGIS සහ QGIS)
  • GIS මෘදුකාංග පරිසරයන් පිළිබඳ දළ විශ්ලේෂණය
  • ArcGIS සහ QGIS සංසන්දනය
  • ව්‍යුහය සහ දත්ත සංවිධානය
  • මූලික අවකාශීය තොරතුරු ඇතුළත් කිරීම සහ කළමනාකරණය කිරීම
2026 නොවැම්බර් 12 Nov 12, 2026 8:00 PM +0530 – 10:00 PM +0530
මනෝජ් මද්දුමආරච්චි මනෝජ් මද්දුමආරච්චි
පුරාවිද්‍යාත්මක අවකාශීය දත්ත නිර්මාණය කිරීම (ඩිජිටල්කරණ මූලික කරුණු)
  • පුරාවිද්‍යාවේ ඩිජිටල්කරණය පිළිබඳ සංකල්පය
  • පුරාවිද්‍යාත්මක දත්ත සඳහා Vector දත්ත නිර්මාණය කිරීම
  • රූප සහ සිතියම් වලින් ඩිජිටල්කරණය කිරීම
  • දත්ත නිර්මාණය සහ මූලික දත්ත සංස්කරණය කිරීම
2026 නොවැම්බර් 16 Nov 16, 2026 8:00 PM +0530 – 10:00 PM +0530
මනෝජ් මද්දුමආරච්චි මනෝජ් මද්දුමආරච්චි
සං‍ඛේතකරණය, නම් කිරීම සහ පුරාවිද්‍යාත්මක සිතියම් නිර්මාණය
  • පුරාවිද්‍යාව සඳහා සිතියම් විද්‍යාවේ මූලධර්ම
  • වර්ගීකරණ කිරීම සහ පුරාවිද්‍යාත්මක දත්ත සංකේතවත් කිරීම
  • නම් කිරීම් ස්ථානගත කිරීම සහ කියවීමේ හැකියාව
  • පුරාවිද්‍යාත්මක ස්ථාන ව්‍යාප්ත සිතියම් නිර්මාණය කිරීම
  • වාර්තා සහ අධ්‍යයන භාවිතය සඳහා සිතියම් යොදා ගැනීම
2026 නොවැම්බර් 19 Nov 19, 2026 8:00 PM +0530 – 10:00 PM +0530
මනෝජ් මද්දුමආරච්චි මනෝජ් මද්දුමආරච්චි
රාස්ටර් (Raster) දත්ත සහ ඓතිහාසික සිතියම් Georeference කිරීම
  • පුරාවිද්‍යාවේ භාවිතා වන රාස්ටර් දත්ත වර්ග
  • පරිලොකනය කරන ලද සිතියම්, ගුවන් ඡායාරූප සහ චන්ද්‍රිකා ඡායාරූප
  • Georeference කිරීමේ සංකල්පය සහ ක්‍රියාවලිය
  • ඓතිහාසික සිතියම් Georeference කිරීමේ අභියෝග
  • අවකාශීය නිරවද්‍යතාවය ඇගයීම
2026 නොවැම්බර් 23 Nov 23, 2026 8:00 PM +0530 – 10:00 PM +0530
මනෝජ් මද්දුමආරච්චි මනෝජ් මද්දුමආරච්චි
පුරාවිද්‍යාත්මක පර්යේෂණ ප්‍රශ්න, පරිමාණය සහ අවකාශීය චින්තනය
  • පර්යේෂණ ප්‍රශ්න සඳහා GIS විශ්ලේෂණයන්ගේ කාර්යභාරය
  • අවකාශීය පරිමාණයන්
  • පුරාවිද්‍යාත්මක ප්‍රශ්න සහ GIS ශිල්ප ක්‍රම අතර සම්බන්ධතාවය
  • අවකාශීය රටා පුරාවිද්‍යාත්මකව අර්ථ නිරූපණය කිරීම
2026 නොවැම්බර් 26 Nov 26, 2026 8:00 PM +0530 – 10:00 PM +0530
මනෝජ් මද්දුමආරච්චි මනෝජ් මද්දුමආරච්චි
පුරාවිද්‍යාව සඳහා අවකාශීය විශ්ලේෂණය හැඳින්වීම
  • GIS තුළ අවකාශීය විශ්ලේෂණය පිළිබඳ සංකල්පය
  • අවකාශීය සම්බන්ධතා මැනීම
  • Buffer analysis සහ Proximity analysis
  • මූලික overlay මෙහෙයුම්
  • විශ්ලේෂණාත්මක ප්‍රතිඵලවල පුරාවිද්‍යාත්මක අර්ථ නිරූපණය
2026 නොවැම්බර් 30 Nov 30, 2026 8:00 PM +0530 – 10:00 PM +0530
මනෝජ් මද්දුමආරච්චි මනෝජ් මද්දුමආරච්චි
භූමි ලක්ෂණ විශ්ලේෂණය සහ LiDAR හඳුන්වාදීම
  • අතීත ජනාවාස සහ ස්ථාන පිහිටීමෙහිලා භූමියෙහි කාර්යභාරය
  • ඩිජිටල් උන්නතාංශ ආකෘති (DEM) සහ භූමි ලක්ෂණ විෂ්ලේශයන්
  • Hillshade සහ භූමි ලක්ෂණ අර්ථ නිරූපණය
  • LiDAR තාක්ෂණය සහ එහි පුරාවිද්‍යාත්මක යෙදුම් ශ්‍රී ලංකාව ඇසුරෙන් හඳුන්වාදීම
2026 දෙසැම්බර් 3 Dec 3, 2026 8:00 PM +0530 – 10:00 PM +0530
මනෝජ් මද්දුමආරච්චි මනෝජ් මද්දුමආරච්චි
ප්‍රායෝගික අභ්‍යාසය සහ එහි පුරාවිද්‍යාත්මක අර්ථ නිරූපණය, පාඨමාලා සාරාංශය
  • පුරාවිද්‍යාවට සම්බන්ධ GIS අභ්‍යාසය
  • සිතියම් සහ අවකාශීය ප්‍රතිඵල අර්ථ නිරූපණය
  • පුරාවිද්‍යාත්මක පර්යේෂණ සහ උරුම කළමනාකරණයේ GIS යෙදවුම්
  • පාඨමාලා සමාලෝචනය සහ සාකච්ඡාව
2026 දෙසැම්බර් 7 Dec 7, 2026 8:00 PM +0530 – 10:00 PM +0530
මනෝජ් මද්දුමආරච්චි මනෝජ් මද්දුමආරච්චි
අවසාන සැසිය

පොදු සාකච්ඡාව (දේශන මාලාවේ දී ඉදිරිපත් කළ මාතෘකා හා අදාළ පොදු සාකච්ඡාවකි. විද්‍යාර්ථින්ගේ හා සම්පත් දායකයින්ගේ අදහස් සඳහා ද මෙම සැසියේ දි අවස්ථාව ලැබේ.)

2026 දෙසැම්බර් 10 Dec 10, 2026 8:00 PM +0530 – 10:00 PM +0530
සියලු සම්පත්දායකයන් හා IAHS කණ්ඩායම සියලු සම්පත්දායකයන් හා IAHS කණ්ඩායම

ආසියා/කොළඹ (ශ්‍රී ලංකා) වේලා කලාපය අනුව උපලේඛිතයි.

පාඨමාලා ගාස්තුව හා අයදුම් කිරීම :

මෙම පාඨමාලාව සඳහා පළමු ලියාපදිංචි පදනම (first come first serve) මත සීමිත සිසුන් පිරිසක් පමණක් බදවා ගන්නා බව කාරුණික ව සලකන්න.

මෙම පාඨමාලාව සඳහා සම්පූර්ණ ගාස්තුව LKR 20,000.00 ක් වේ. මෙම පාඨමාලාවට අයදුම්පත් භාර ගැනීම 2026 ඔක්තෝබර් 5 දින සිට 2026 ඔක්තෝබර් 23 වැනිදා දක්වා වේ. 2026 ඔක්තෝබර් 24 වන දින හෝ ඊට ප්‍රථම පාඨමාලා ගාස්තුව ගෙවිය යුතුය. අප ආයතනයේ කලින් පාඨමාලා හැදැරු සිසුන් සඳහා 10% වට්ටමක් හිමි වේ. මේ සඳහා පාඨමාලා සමිබන්ධීකාරිකාව අමතන්න.

2026 ඔක්තෝබර් 26 වැනිදා වන දින පාඨමාලාව ආරම්භ වන අතර 2026 දෙසැම්බර් 10 දින පාඨමාලාව අවසන් වේ.

ශිෂ්‍ය ඇඟයීම :

මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කරන සියලු දෙනාට පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය විසින් වටිනා සහතික පතක් නිකුත් කරනු ලැබේ. සහතික පත නිකුත් කිරීමේ දී දේශන සඳහා ලබා දී ඇති සහභාගිත්වය පිළිබඳ සැලකිලිමත් වේ (දේශන සඳහා සහභාගීත්වය අවම වශයෙන් සියයට 70ක් විය යුතු වේ).

නිතර අසන ප්‍රශ්න

පාඨමාලා කාලාය කොපමණ ද?

සති 7 ක්. සතියකට දේශන වාර දෙකක්.

පාඨමාලා ගාස්තුව කොපමණ ද?

පාඨමාලා ගාස්තුව රුපියල් 20,000/= කි.

වෙනත් ක්ෂේත්‍රයක අයෙකුට සම්බන්ධ විය හැකි ද?

මෙම පාඨමාලාව මුලික දත්ත කළමනාකරණය සහ සිතියම් කරණය සඳහා වූ භූගෝලීය විද්‍යා තොරතුරු පද්ධතිය (GIS) සහ දුරස්ථ සංවේදනය (Remote Sensing) බැවින් වෙනත් වෙනත් ක්ෂේත්‍රයක අයට ද සම්බන්ධ විය හැක.

පාඨමාලා අයදුම්පත

අයදුම් වසන් වී ඇත

මෙම පාඨමාලාව සඳහා අයදුම්පත් භාර ගැනීම දැනට වසා ඇත. කරුණාකර පසුව නැවත පරීක්ෂා කරන්න හෝ වැඩි විස්තර සඳහා ආයතනය හා සම්බන්ධ වන්න.