Institute of Archaeology and Heritage Studies (IAHS)

පාඨමාලා විස්තර

SI සම්පූර්ණයි

ශ්‍රී ලංකාවේ පුරා අක්ෂර සහ අභිලේඛන පරිචය : II කොටස - 2026

TODO(iahs): Add a 40–60 word direct-answer paragraph describing this programme and who it is for.

පාඨමාලා විස්තර

කාලය
Weeks 8 (2026-05-05 to 2026-06-26)
බෙදාහැරීමේ ක්‍රමය
TODO(iahs): Delivery mode has not yet been published.
උගන්වන මාධ්‍යය
TODO(iahs): Medium of instruction has not yet been published.
අයදුම් / intake දින
2026 අප්‍රේල් 4 – 2026 මැයි 4
ඇතුළත් වීමේ අවශ්‍යතා
TODO(iahs): Entry requirements have not yet been published.
ගාස්තුව (LKR)
LKR 20,000.00
ලබා දෙන සහතිකය
TODO(iahs): Certification awarded has not yet been published.
සහතිකය ලබා දෙන්නේ
Institute of Archaeology and Heritage Studies (IAHS), Sri Lanka

පාඨමාලා සම්බන්ධීකාරක

සිතුමි බොතේජු

සිතුමි බොතේජු

පාඨමාලා සම්බන්ධීකාරක

sithumi@iahs.lk

ජංගම දුරකථනය: 0767843428

WhatsApp: 0767843428

පාඨමාලා කළමනාකරු

අනුරාධ පියදාස

අනුරාධ පියදාස

පාඨමාලා කළමනාකරණය

anu826@gmail.com

ජංගම දුරකථනය: 0777428282

WhatsApp: 0777428282

පාඨමාලාවේ අරමුණු :

ශ්‍රී ලංකාවේ අභිලේඛන පරිචය : දෙවැනි කොටස මාර්ගගත (කෙටි කාලින) පාඨමාලාවෙන් පහත දැක්වෙන අරමුණු ඉටුකරගැනීමට අපේක්ෂා කරනු ලැබේ.

  • ශ්‍රී ලංකාවේ අපර බ්‍රාහ්මී යුගයේ සිට (ක්‍රිස්තු වර්ෂ 3 වැනි සියවසින් පසු ක්‍රිස්තු වර්ෂ 15 වැනි සියවස දක්වා) සෙල්ලිපි හා වෙනත් අභිලේඛන කියැවීමේ හැකියාව ලබා දීම
  • ශ්‍රී ලංකාවේ අපර බ්‍රාහ්මී යුගයේ සිට (ක්‍රිස්තු වර්ෂ 3 වැනි සියවසින් පසු ක්‍රිස්තු වර්ෂ 15 වැනි සියවස දක්වා) සෙල්ලිපි හා වෙනත් අභිලේඛන අවබෝධ කරගැනීමේ හැකියාව ලබා දීම
  • ක්‍රිස්තු වර්ෂ 3 වැනි සියවසින් පසු කාලයේ මෙරට භාවිත වූ විවිධ අභිලේඛන පිළිබඳ අවබෝධයක් ලබා දීම
  • මුල් කාලීනව භාවිත කරන ලද පූර්ව බ්‍රාහ්මී අභිලේඛන වර්තමානයේ භාවිත කරන සිංහල අකුරු දක්වා පරිණාමය වූ ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා දීම
  • ආරම්භයේ සිට ක්‍රිස්තු වර්ෂ 3 වැනි සියවස දක්වා කාලයට අයත් බ්‍රාහ්මී අභිලේඛන වටහා ගැනීම හා අර්ථකතනය කිරීම පිළිබඳ පුහුණුවක් ලබා දීම

අධ්‍යයන ඵල :

ශ්‍රී ලංකාවේ අභිලේඛන පරිචය : දෙවැනි කොටස කෙටි කාලීන (මාර්ගගත) පාඨමාලාව හදාරණ විද්‍යාර්ථිනට පාඨමාලා කාලය සාර්ථක ව අවසන් කිරීමෙන් පසු ව;

  • ශ්‍රී ලංකාවේ ඇති අපර බ්‍රාහ්මී අක්ෂරයන්ගෙන් හා පැරණිම සිංහල අක්ෂරයන්ගෙන් සමන්විත සෙල්ලිපි හා වෙනත් අභිලේඛන කියවාගත හැකි වේ.
  • කිතු වසින් තෙවැනි සියවසින් පසු මෙරට ඇති සෙල්ලිපි හා වෙනත් අභිලේඛනයන්ගේ අර්ථ පැහැදිලි කරගත හැකි වේ.
  • ශ්‍රී ලංකාව තුළ බ්‍රාහ්මි අක්ෂර මාලාවේ සිදුවූ විකාශය පැහැදිලි කළ හැකි වේ.
  • ප්‍රබල ඉතිහාස මූලාශ්‍රයයක් වශයෙන් ශ්‍රී ලංකාවේ පැරණි හා මැදිකාලීන ඉතිහාසය හැදෑරීම සඳහා සෙල්ලිපි හා අනෙකුත් අභිලේඛන මූලාශ්‍රය යොදාගත හැකි වේ.
  • සිංහල භාෂාවේ පෞරාණිකත්වය හා පරිණාමය පිළිබඳ අදහස පැහැදිලි කළ හැකි වේ.
  • ශ්‍රී ලංකාවේ පුස්කොළ ලේඛන කලාව හා එහි භාවිතය පැහැදිලි කළ හැකි වේ.

හැඳින්වීම

ශ්‍රී ලාංකේය ඉතිහාසය පිළිබඳ දැනගැනීම මෙන්ම ඒ පිළිබඳ විධිමත්ව අධ්‍යයනය කිරීමේ උනන්දුවක් මෑත කාලීනව වර්ධනය වී පවති. ජනමාධ්‍ය හා සමාජ මාධ්‍යය ඔස්සේ ඉතිහාස කරුණු සමාජගත වීම හා සංවාද ඇතිවීම මෙම උනන්දුව සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත. මීට සමාන්තරව වැදගත් ඉතිහාස මූලාශ්‍රයයක් වන සෙල්ලිපි ඇතුළු අභිලේඛන පිළිබඳ සාවධ්‍ය අදහස් සමාජගත වන ආකාරය ද දැකගත හැකි වේ. මෙම මිත්‍යා අදහස් වැපිරීම සඳහා විවිධ පුද්ගලයින් හා සංවිධාන යුහුසුළු වන ආකාරයත් දැකගත හැකි වේ. ජාතික උරුමයේ වැදගත් ශාඛාවක් වන සෙල්ලිපි ඇතුළු අභිලේඛන මූලාශ්‍රය විනාශ කිරීම හා විකෘති කිරීම ද සැලකිය යුතු මට්ටමේ ගැටලුවකි. මෙම අගනා ඓතිහාසික මූලාශ්‍රය පිළිබඳ සමාජය සතු දැනුවත් බවේ අඩුලුහුඩුකම් ද මෙම තත්ත්ව ඇති වීමටත්, තීව්‍ර වීමටත් හේතුවී ඇති බවත් ඒ පිළිබඳ සොයාබලන විට පැහැදිලි වේ. ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාලයන්හි මානවශාස්ත්‍ර පීඨයන්හි විද්‍යාර්ථින් සුළු පිරිසකට හා පිරිවෙන්හි අධ්‍යාපනය ලබන විද්‍යාර්ථිනට පමණක් සීමා වී ඇති පුරාක්‍ෂර විද්‍යාව හා අභිලේඛන විද්‍යාව පිළිබඳ දැනුම සිංහල බස වහරනු ලබන පුරවැසියනට ලබාදීමේ අදහසින් මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ. එමඟින් ශ්‍රී ලාංකේය ඉතිහාසය පිළිබඳ දැනුම පුළුල් කිරීමත් මෙම ප්‍රකට මූලාශ්‍රය හැසිරවීම බුහුටියාවක් ඇති කිරීමත් අපේක්‍ෂා කරනු ලැබේ. එමඟින් අභිලේඛණ මූලාශ්‍රයයේ සුරක්‍ෂිත බව ඇති කිරීම සඳහා දායක වීමත් මෙම පාඨමාලාවේ පුළුල් අරමුණකි.

මෙම පාඨමාලාව කා සඳහා ද?

ඉන්දිය අර්ධද්වීපික කලාපයේ භාවිත කරන ලද ප්‍රමුඛ පැරණි අක්‍ෂර පද්ධතියක් වූ බ්‍රාහ්මී අක්‍ෂර මාලාව හා පැරණිම බ්‍රාහ්මී ලේඛන පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් සහිත අයවලුන් සඳහා ක්‍රිස්තු වර්ෂ තුන්වැනි සියවසින් පසු මෙරට භාවිත වූ අක්ෂර පද්ධතිය හා අභිලේඛන පිළිබඳ අවබෝධයක් හා පරිචයක් ලබා දීමේ අරමුණින් මාර්ගගතව පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය විසින් මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ.

කිතුවසින් තුන්වැනි සියවසින් පසු ශ්‍රී ලංකාවේ දැකගත හැකි අභිලේඛන පිළිබඳ අවබෝධයක් හා ඒවා විධිමත්ව පරිශීලනය කිරීමේ ශක්‍යතාවත් ලබාදෙනු ලබන මෙම මාර්ගගත කෙටිකාලීන පාඨමාලාව තුළින් පහත දැක්වෙන පාර්ශවයන් වෙත විධිමත් දැනුමක් හා පරිචයක් ලබා දීම ඉලක්ක කර ඇත.

  • ශ්‍රී ලාංකේය ඉතිහාසය පිළිබඳ විධිමත් හා නිවැරදි දැනුමක් ලබා ගැනීම සඳහා උනන්දු වන්නන්
  • විනෝදාංශයක් වශයෙන් ශ්‍රී ලංකා ඉතිහාසය පිළිබඳ හදාරණ විවිධ වෘත්තිකයින්
  • විනෝදාංශයක් වශයෙන් හෝ වෘත්තීය අරමුණු සහිතව පුරාවිද්‍යා සංචරණයන්හි නියැලෙන්නන්
  • ශ්‍රී ලාංකේය ඉතිහාසය පිළිබඳ උනන්දු දිවයිනෙන් බැහැරව සිටින්නන්
  • වෘත්තීය සංචාරක මඟපෙන්වන්නන්
  • නව්‍ය දැනුමක් ලබාගැනීමේ කැමැත්තෙන් සිටින ගවේෂණශීලි අයවලුන්
  • ඉතිහාස හා පුරාවිද්‍යා පශ්චාත් උපාධි අපේක්‍ෂකයින්
  • විශ්වවිද්‍යාලයන්හි පුරාවිද්‍යාව හා ඉතිහාසය පාඨමාලා හදාරණු ලබන උපාධි අපේක්‍ෂකයින් හා ඉදිරියේ දී එවැනි පාඨමාලා හැදෑරීමට අපේක්ෂිත පිරිස
  • බාහිර උපාධි පාඨමාලා සඳහා පුරාක්‍ෂර විද්‍යාව හා අභිලේඛන, පුරාවිද්‍යාව හා ඉතිහාසය යන විෂයයන් හදාරණු ලබන විද්‍යාර්ථීන්
  • ඉතිහාස විෂය උගන්වනු ලබන පාසල් ගුරුවරුන්

පාඨමාලාවේ සම්පත් දායකයින් :

වසර පහළොවකට ආසන්න කාලයක් තිස්සේ සයිබර් අවකාශය මාධ්‍ය කොටගෙන ශ්‍රී ලාංකේය පුරාවිද්‍යාව ජනගත කිරීමේ ප්‍රමුඛ ආයතනය වන archaeology.lk හා අනුබද්ධ ශ්‍රාස්ත්‍රීය කටයුතු මෙහෙයවනු ලබන පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය (Institute of Archaeology and Heritage Studies) විසින් මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ. ජාතික හා ජාත්‍යන්තර ඇඟයීම්වලට පාත්‍ර වී ඇති මෙම ආයතනය පුරාවිද්‍යාව මෙන්ම ඒ හා සමගාමි විෂයයීක දැනුම මාර්ගගතව බෙදාහරින දිවයිනේ ප්‍රමුඛ ආයතනය වේ.

ශ්‍රී ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට සම්බන්ධ පුරාක්‍ෂර හා අභිලේඛන විද්‍යාව පිළිබඳ ඉගැන්වීම පිළිබඳ දිගුකාලීන පරිචයක් සහිත ඒ විෂය පරාසය පිළිබඳ පර්යේෂණාත්මක නැඹුරුවක් සහිත ප්‍රමුඛ ශාස්ත්‍රාලීය විද්වතුන් විසින් මෙම පාඨමාලාවේ සම්පත් දායකත්වය දරනු ලැබේ. මෙම සම්පත් දායකයින් වසර ගණනාවත් තුළ මාර්ගගත අධ්‍යාපන ක්‍රම මෙන්ම ජනමාධ්‍යය හා සමාජ මාධ්‍ය ඔස්සේ මෙරට විධිමත් පුරාවිද්‍යා දැනුම සාමාජගත කිරීමේ කාර්යයේ දී සැලකිය යුතු කාරයභාරයක් සිදුකළ විද්වතුන් වීම ද විශේෂත්වයකි.

සම්පත්දායකයින්

චන්දිම අඹන්වල
චන්දිම අඹන්වල

චන්දිම අඹන්වල යනු පුරාවිද්‍යා විෂයය පිළිබඳ හසළ දැනුමක් ඇති, ජාතික මට්ටමින් ඇගයීමට ලක්වූ පුරාවිද්‍යාඥයෙකි. ඔහු IAHS ආයතනය පිළිබඳ සිය දැක්ම එහි සම-නිර්මාතෘ අනුරාධා සමඟ එක්ව බෙදාහදා ගනී.

ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය සහ සෙල්ලිපි කලාව (අභිලේඛන විද්‍යාව) පිළිබඳ විශිෂ්ට වෘත්තීය ගමනකට හිමිකම් කියන චන්දිම, ශාස්ත්‍රීය ලිපි ලේඛන රැසක් ප්‍රකාශයට පත් කර ඇත. ඔහු 2011 වසරේ සිට රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස තරුණ විද්වතුන් සහ පුරාවිද්‍යාඥයින් දිරිමත් කරමින් සිටියි.

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව සහ උරුම කළමනාකරණය පිළිබඳ වසර 20කට වැඩි පළපුරුද්දක් ඇති පුරාවිද්‍යාඥ චන්දිම, සිය ක්ෂේත්‍ර නිපුණතා ශාස්ත්‍රීය සීමාවෙන් ඔබ්බට ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරයි. ඔහු උපදේශන ව්‍යාපෘතිවලට නායකත්වය දෙන ක්ෂේත්‍ර ප්‍රවීණයා වන අතර, සෘජුවම පුරාවිද්‍යාත්මක ස්ථානීය කටයුතු සඳහා ක්‍රියාකාරීව දායක වේ.

කුසුම්සිරි කොඩිතුවක්කු
කුසුම්සිරි කොඩිතුවක්කු

ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු මහතා කැලණිය විශ්වවිද්‍යාලයෙන් සහ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් (PGIAR) පුළුල් අධ්‍යාපනයක් ලැබූ කීර්තිමත් විද්වතෙකු සහ පුරාවිද්‍යාඥයෙකි. ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන ඔහු, කාර්මික පුරාවිද්‍යාව පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රථම ශාස්ත්‍රපති උපාධිධාරියා වන අතර, දැනට රජරට සහ කැලණිය විශ්වවිද්‍යාලවල බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරයි.

ඔහුගේ වෘත්තීය ගමන තුළ ගවේෂණ නිලධාරියෙකු ලෙසත්, සීගිරිය සහ ජේතවන කෞතුකාගාරය වැනි සුවිශේෂී ව්‍යාපෘතිවල කෞතුකාගාර පාලකවරයෙකු ලෙසත් සේවය කර ඇත. අධ්‍යාපනික කටයුතුවලට අමතරව, ඔහු ICOMOS ශ්‍රී ලංකා ආයතනයේ කාර්මික උරුමය පිළිබඳ ජාතික විද්‍යාත්මක කමිටුවේ සභාපතිත්වය දරයි. ජපානය, නෝර්වේ සහ චීනය වැනි රටවලින් ජාත්‍යන්තර පුහුණුව ලබා ඇති ඔහු, උරුම කළමනාකරණය සහ කෞතුකාගාර අධ්‍යයනය පිළිබඳ ප්‍රමුඛ විශේෂඥයෙකි.

ගිනිකටුවැවේ විපුල හිමි
ගිනිකටුවැවේ විපුල හිමි

පූජ්‍ය ගිනිකටුවැවේ විපුල හිමියෝ වර්තමානයේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ කථිකාචාර්යවරයකු ලෙස සේවය කරති. උන්වහන්සේ පේරාදෙණි විශ්වවිද්‍යාලයෙන් සිංහල පිළිබඳ ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය (2014) සහ සිංහල පිළිබඳ දර්ශනපති (MPhil) උපාධිය (2020) ලබා ගත් අතර, කැලණිය විශ්වවිද්‍යාලයෙන් වාග්විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති (MA) උපාධිය (2021) හිමිකර ගත්හ. එසේ ම, ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමිතිය මඟින් පවත්වනු ලබන ප්‍රාචීන පණ්ඩිත උපාධිය ද උන්වහන්සේ (2009) සම්පූර්ණ කළහ.

2025 වසරේ දී කොළඹ විශ්වවිද්‍යාලයට සම්බන්ධ වීමට ප්‍රථම, විපුල හිමියන් රුහුණ රජරට සහ රුහුණ යන විශ්වවිද්‍යාලවල තාවකාලික සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කර ඇත. උන්වහන්සේගේ ශාස්ත්‍රීය උනන්දුව ප්‍රධාන වශයෙන් සිංහල සම්ප්‍රදායික ව්‍යාකරණය, ඓතිහාසික වාග්විද්‍යාව සහ සම්භාව්‍ය සිංහල සාහිත්‍යය වෙත යොමු වී ඇත. උන්වහන්සේ සිංහල අක්ෂර වින්‍යාසය: අර්බුද, ප්‍රවාද සහ යෝජනා (2024), සිංහල අක්ෂර මාලාව (2014), සහ සිංහල භාෂාවේ තත්සම-තද්භව වචන සහ අනුරූප වචන භාවිතය (2017) ඇතුළු ග්‍රන්ථ කිහිපයක් රචනා කර ඇත. මීට අමතරව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශිත උසස් සිංහල ව්‍යාකරණය (2025) පෙළපොත සඳහා පරිච්ඡේද කිහිපයක් සම්පාදනය කර ඇති අතර ශාස්ත්‍රීය සඟරා සඳහා ද ලිපි රාශියක් සම්පාදනය කර ඇත.

උන්වහන්සේගේ ශාස්ත්‍රීය විශිෂ්ටත්වය උදෙසා සම්මාන කිහිපයක් ද හිමි වී ඇත. විශේෂයෙන්ම 2024 වසරේ පළ කළ සිංහල අක්ෂර වින්‍යාස: අර්බුද, ප්‍රවාද සහ යෝජනා ග්‍රන්ථය සඳහා විද්‍යෝදය සම්මානය සහ හොඳම ශාස්ත්‍රීය ප්‍රකාශනය සඳහා වන ගොඩගේ ජාතික සම්මානය (2025) හිමි විය. තව ද ප්‍රාචීන අවසාන විභාගයේ දී සිංහල විෂයට වැඩිම ලකුණු ලබා ගැනීම වෙනුවෙන් සමයවර්ධන ඩී. එම්. වීරමන් ත්‍යාගය ද උන්වහන්සේට පිරිනමන ලදී.

දීපාංජනී ඇල්ලෙපොල
දීපාංජනී ඇල්ලෙපොල

දීපාංජනී ඇල්ලෙපොල මෙනව්ය පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ ගෞරව ශාස්ත්‍රවේදී (B.A. Hons) උපාධියත් ලබා ඇත.ඇය පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ රාජකාරි කරන අතර ශ්‍රී ලංකාවේ පුස්කොල පොත් පිළිබඳ අධ්‍යයනය කරනා පර්යේෂිකාවකි.

පාඨමාලාව සඳහා පූර්ව සුදුසුකම් :

මෙම පාඨමාලාව හැදෑරීම සඳහා ඉදිරිපත්වන විද්‍යාර්ථින් පහත දැක්වෙන පූර්ව අවශ්‍යතාවන් සපුරා තිබිය යුතු වේ.

හෝ

හෝ

  • ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයන් තුළ අභිලේඛන විද්‍යාව පිළිබඳ පාඨමාලාවක් හදාරා තිබීම

හෝ

  • ශ්‍රී ලංකාවේ පූර්ව බ්‍රාහ්මී අක්ෂර හඳුනා ගැනීමේ හැකියාව හා පැරණිම බ්‍රාහ්මි අභිලේඛන කියවාගත හැකි වීම

පාඨමාලාව ඉදිරිපත් කිරීම හා කළමනාකරණය :

වසර දශක එකහමාරක් ශ්‍රී ලාංකේය පුරාවිද්‍යා දැනුම ක්‍රමවත් හා වඩා විශ්වාසනීය අන්දමින් විශ්වව්‍යාප්ත ජාලය ඔස්සේ ජනගත කරමින්, ඒ සඳහා වේදිකාව සපයමින් කටයුතු කළ archaeology.lk ජාලයේ ශාස්ත්‍රීය කටයුතු මෙහෙයවන පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය (Institute of Archaeology and Heritage Studies– IAHS) විසින් මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ. 2021 වසරේ දී මෙම ශීර්ෂය යටතේ ම මෙම පාඨමාලාව පළමු වැනි වරට මාර්ගගත ආකාරයෙන් අති සාර්ථකව ඉදිරිපත් කළ අතර කාලානූරුපීව වර්ධනය කරන ලද විෂය මාලාවකට අනුව මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ.

පුරාවිද්‍යාව හා උරුමය සම්බන්ධ පාඨමාලා මාර්ගගත අකාරයෙන් ඉදිරිපත් කර මුළුමහත් සිංහල භාෂක සමාජයට කිසිදු භේදයකින් තොරව පුරාවිද්‍යාව හා සමගාමි විෂයයන් පිළිබඳ අවබෝධයක් ලබා දීමේ අරමුණින් කටයුතු කළ, පුරෝගාමි ආයතයන වන පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය ස්වේච්ඡා පදනමින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි ලාභ නොලබන සමාගමකි. විවිධ ශිර්ෂ යටතේ මාර්ගගත පාඨමාලා ගණනාවක් ඉදිරිපත් කර විද්‍යාර්ථින් 500 පමණ දැනුම ලබා ගැනීමට අවස්ථාව උදාකළ මෙම ආයතනය මෙම පාඨමාලා ඉදිරිපත් කිරීමෙන් ලබාගන්නා යම් ආදායමක් වේ නම් එය නැවත ක්‍ෂේත්‍රයේ උන්නතිය උදෙසාම කැප කරනු ලබයි.

පුරාවිද්‍යාව, ඉතිහාසය හා උරුම අධ්‍යයනය සම්බන්ධයෙන් ඔබ අප ආයතනය තෝරාගත යුත්තේ ඇයි?

  • අරමුණු සපුරාගත හැකි ඉලක්කගත විෂය නිර්දේශ
  • විධිමත් ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය
  • විශිෂ්ඨ සම්පත් දායක මඩුල්ල
  • පාඨමාලා සංවිධාන ව්‍යුහයේ හා ඉදිරිපත් කිරීමේ විධිමත් බව
  • දේශන හා අනෙකුත් ඉගෙනුම් ක්‍රියාවලිය හා සම්බන්ධ කටයුතු වල පවතින නියමිත වේලාවට වැඩකටයුතු සිදුකිරීම
  • සුහදශීලි හා ක්‍ෂණික සම්බන්ධිකරණ ප්‍රතිචාර හා පසුවිපරම
  • විවිධ ක්‍ෂේත්‍ර හා විවිධ සමාජ මට්ටම් නියෝජනය කරන ආදි සිසුන්
  • පුරාවිද්‍යාව, ඉතිහාසය හා උරුම අධ්‍යයනය සම්බන්ධ මාර්ගත මාඨමාලා පිළිබඳ පුරෝගාමී ආයතනය
  • සමාන්තර තරඟකාරී ආයතනයක් නොවී ප්‍රවණතා හඳුන්වා දීමේ පුරෝගාමී ආයතනය වීම
  • මුල් පාඨමාලාවෙන් පසු අනෙකුත් පාඨමාලා සඳහා ආකර්ශනීය සහන හිමි වීම

පාඨමාලා අන්තර්ගතය :

මෙම පාඨමාලාවේ අන්තර්ගතය පහත දක්වා ඇත.

දේශන පැවැත්වෙන ආකාරය :

මාර්ගගත දේශන කාලය පැය 30කි.

මෙම පාඨමාලාව මාර්ගගත ක්‍රමයට පැවැත්වේ. මේ සඳහා Zoom මෘදුකාංගය භාවිතා කරනු ඇත. දේශන අගහරුවාදා හා සිකුරාදා දිනවල රාත්‍රි 8 සිට 10 දක්වා පැවැත්වේ. සෑම දේශනයක් ම පටිගත කර අපගේ LMS එක හරහා ඔබට වෙනත් අවස්ථාවක ඇසීමේ පහසුකම අප විසින් සලසා දෙනු ඇත. එම දේශනය පිළිබඳ ගැටලු ඇත්නම් සම්බන්ධීකාරක හරහා අදාළ දේශකවරයාට යොමු කළ හැක. මෙම පටිගත කළ වීඩියෝ පාඨමාලාව අවසන් වී තවත් මාස දෙකක් යන තුරු ඔබට නැරඹීමේ අවස්ථාව ලබා දෙනු ඇත.

දේශන

මාතෘකාව දිනය වේලාව (ශ්‍රී ලංකා) දේශකයා
පාඨමාලාව හඳුන්වා දීම

හඳුන්වා දීම IAHS ආයතනය, දේශකයන්, පාඨමාලාව, පාඨමාලාවේ අරමුණු, අන්තර්ගතය හා ව්‍යුහය, සහභාගී වන්නන් හඳුනා ගැනීම

2026 මැයි 5 May 5, 2026 8:00 PM +0530 – 10:00 PM +0530
සියලු සම්පත්දායකයන් හා IAHS කණ්ඩායම සියලු සම්පත්දායකයන් හා IAHS කණ්ඩායම
ක්‍රිස්තුපූර්ව 3 සි - ක්‍රිස්තු වර්ෂ 3 සියවස දක්වා ලිපි
2026 මැයි 8 May 8, 2026 8:00 PM +0530 – 10:00 PM +0530
චන්දිම අඹන්වල චන්දිම අඹන්වල
ක්‍රිස්තුවර්ෂ 3-7 සියවස්වල ලිපි I
2026 මැයි 12 May 12, 2026 8:00 PM +0530 – 10:00 PM +0530
චන්දිම අඹන්වල චන්දිම අඹන්වල
ක්‍රිස්තුවර්ෂ 3-7 සියවස්වල ලිපි II
2026 මැයි 15 May 15, 2026 8:00 PM +0530 – 10:00 PM +0530
චන්දිම අඹන්වල චන්දිම අඹන්වල
වහරල ලිපි
2026 මැයි 19 May 19, 2026 8:00 PM +0530 – 10:00 PM +0530
කුසුම්සිරි කොඩිතුවක්කු කුසුම්සිරි කොඩිතුවක්කු
සීගිරි කුරුටු ගී
2026 මැයි 22 May 22, 2026 8:00 PM +0530 – 10:00 PM +0530
චන්දිම අඹන්වල චන්දිම අඹන්වල
අත්තාණි පරිහාර
2026 මැයි 26 May 26, 2026 8:00 PM +0530 – 10:00 PM +0530
කුසුම්සිරි කොඩිතුවක්කු කුසුම්සිරි කොඩිතුවක්කු
ක්‍රිස්තු වර්ෂ 8 - 9 සියවස්වල ලිපි
2026 මැයි 29 May 29, 2026 8:00 PM +0530 – 10:00 PM +0530
චන්දිම අඹන්වල චන්දිම අඹන්වල
ක්‍රිස්තු වර්ෂ 10-11 සියවස්වල ලිපි
2026 ජූනි 2 Jun 2, 2026 8:00 PM +0530 – 10:00 PM +0530
චන්දිම අඹන්වල චන්දිම අඹන්වල
ක්‍රිස්තු වර්ෂ 12-13 සියවස්වල ලිපි
2026 ජූනි 5 Jun 5, 2026 8:00 PM +0530 – 10:00 PM +0530
චන්දිම අඹන්වල චන්දිම අඹන්වල
සංකේත, සංඛ්‍යා භාවිතය, කටපයාදි ක්‍රමය හා වෙනත් ප්‍රයෝග
2026 ජූනි 9 Jun 9, 2026 8:00 PM +0530 – 10:00 PM +0530
කුසුම්සිරි කොඩිතුවක්කු කුසුම්සිරි කොඩිතුවක්කු
ක්‍රිස්තු වර්ෂ 14/15 සියවස්වල ලිපි
2026 ජූනි 12 Jun 12, 2026 8:00 PM +0530 – 10:00 PM +0530
චන්දිම අඹන්වල චන්දිම අඹන්වල
සිංහල භාෂාවේ ප්‍රභවය හා පෞරාණිකත්වය
2026 ජූනි 16 Jun 16, 2026 8:00 PM +0530 – 10:00 PM +0530
ගිනිකටුවැවේ විපුල හිමි ගිනිකටුවැවේ විපුල හිමි
ශ්‍රී ලංකාවේ පුස්කොල ලේඛන කලාව
2026 ජූනි 19 Jun 19, 2026 8:00 PM +0530 – 10:00 PM +0530
දීපාංජනී ඇල්ලෙපොල දීපාංජනී ඇල්ලෙපොල
ක්‍රිස්තු වර්ෂ 15 සියවසින් පසු ලිපි
2026 ජූනි 23 Jun 23, 2026 8:00 PM +0530 – 10:00 PM +0530
චන්දිම අඹන්වල චන්දිම අඹන්වල
පොදු සාකච්ඡාව

දේශන මාලාව සම්බන්ධ විද්‍යාර්ථින්ගේ හා සම්පත් දායකයින්ගේ අදහස් ඉදිරිපත් කරන සැසියකි.

2026 ජූනි 26 Jun 26, 2026 8:00 PM +0530 – 10:00 PM +0530
සියලු සම්පත්දායකයන් හා IAHS කණ්ඩායම සියලු සම්පත්දායකයන් හා IAHS කණ්ඩායම

ආසියා/කොළඹ (ශ්‍රී ලංකා) වේලා කලාපය අනුව උපලේඛිතයි.

ප්‍රායෝගික :

සහභාගි වන විද්‍යාර්ථින්ගේ කැමැත්ත අනුව ක්‍ෂේත්‍ර සංචාර සිදුකළ හැකි වේ. (ඒ සඳහා වැය වන මුදල මෙම පාඨමාලා ගාස්තුවට අන්තර්ගත නොවේ.)

පාඨමාලා ගාස්තුව හා අයදුම් කිරීම :

මෙම පාඨමාලාව සඳහා පළමු ලියාපදිංචි පදනම (first come first serve) මත සීමිත සිසුන් පිරිසක් පමණක් බදවා ගන්නා බව කාරුණික ව සලකන්න.

මෙම පාඨමාලාව සඳහා සම්පූර්ණ ගාස්තුව LKR 20,000.00 ක් වේ. මෙම පාඨමාලාවට අයදුම්පත් භාර ගැනීම 2026 අප්‍රේල් 4 දින සිට 2026 මැයි 4 වැනිදා දක්වා වේ. 2026 මැයි 5 වන දින හෝ ඊට ප්‍රථම පාඨමාලා ගාස්තුව ගෙවිය යුතුය. අප ආයතනයේ කලින් පාඨමාලා හැදැරු සිසුන් සඳහා 10% වට්ටමක් හිමි වේ. මේ සඳහා පාඨමාලා සමිබන්ධීකාරිකාව අමතන්න.

2026 මැයි 5 වැනිදා වන දින පාඨමාලාව ආරම්භ වන අතර 2026 ජූනි 26 දින පාඨමාලාව අවසන් වේ.

ශිෂ්‍ය ඇඟයීම :

මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කරන සියලු දෙනාට පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය විසින් වටිනා සහතික පතක් නිකුත් කරනු ලැබේ. සහතික පත නිකුත් කිරීමේ දී දේශන සඳහා ලබා දී ඇති සහභාගිත්වය පිළිබඳ සැලකිලිමත් වේ (දේශන සඳහා සහභාගීත්වය අවම වශයෙන් සියයට 70ක් විය යුතු වේ).

නිතර අසන ප්‍රශ්න

What are the entry requirements to enrol in this course?

TODO(iahs): Entry requirements have not yet been published.

Is the certificate recognised in Sri Lanka?

TODO(iahs): Recognition status for this award has not yet been published.

How much does ශ්‍රී ලංකාවේ පුරා අක්ෂර සහ අභිලේඛන පරිචය : II කොටස - 2026 cost?

LKR 20,000.00

සම්පූර්ණ කළ පාඨමාලා

සම්පූර්ණයි

මෙම පාඨමාලාව සම්පූර්ණ කර ඇති අතර තවදුරටත් අයදුම්පත් භාර නොගනී. පසුගිය පාඨමාලා පිළිබඳ වාර්තාවක් ලෙස මෙය මෙහි තබා ඇත.