Institute of Archaeology and Heritage Studies (IAHS)

පාඨමාලා විස්තර

SI අයදුම් සඳහා විවෘතයි

මහාවංශය: වංශකතාවෙන් ඉතිහාසයට

මහාවංශයේ ආරම්භය, රචනා අරමුණු, ඓතිහාසික වටිනාකම, පුරාවිද්‍යාත්මක සාධක සහ ශ්‍රී ලංකාවේ දේශපාලන හා බෞද්ධ ඉතිහාසය පිළිබඳ විමර්ශනය කරන මෙම මාර්ගගත පාඨමාලාව, මහාවංශය ඓතිහාසික මූලාශ්‍රයක් ලෙස විචාරශීලීව කියවීමට අවශ්‍ය දැනුම සහ අවබෝධය ලබා දෙයි.

පාඨමාලා විස්තර

කාලය
සති 8
බෙදාහැරීමේ ක්‍රමය
Online
උගන්වන මාධ්‍යය
සිංහල
අයදුම් / intake දින
2026 නොවැම්බර් 9 – 2026 නොවැම්බර් 28
ඇතුළත් වීමේ අවශ්‍යතා
මෙම පාඨමාලාව හැදෑරීම සඳහා විශේෂ පූර්ව සුදුසුකමක් අපේක්ෂා නොකෙරේ. සිංහල බස අසා අවබෝධ කර ගැනීමේ හැකියාව ප්‍රමාණවත් වේ.
ගාස්තුව (LKR)
LKR 20,000.00
ලබා දෙන සහතිකය
Certification of Completion
සහතිකය ලබා දෙන්නේ
Institute of Archaeology and Heirtage Studies

පාඨමාලා සම්බන්ධීකාරක

සේමලී පියදාස

සේමලී පියදාස

පාඨමාලා සම්බන්ධිකාරක

semalee@iahs.lk

පාඨමාලා කළමනාකරු

අනුරාධ පියදාස

අනුරාධ පියදාස

පාඨමාලා කළමනාකරණය

anu826@gmail.com

ජංගම දුරකථනය: 0777428282

WhatsApp: 0777428282

පාඨමාලාවේ අරමුණු :

කෙටිකාලින මාර්ගගත මෙම පාඨමාලාව ඉදිරිපත් කිරීම මඟින් පහත දැක්වෙන අරමුණු ඉටුකරගැනීමට අපේක්ෂා කරනු ලැබේ.

  • ශ්‍රී ලාංකේය සාහිත්‍ය සම්ප්‍රදායේ ගමන් මග හඳුනා ගැනීම 
  • සාහිත්‍ය ගමන් මගෙහි සන්ධිස්ථාන හා ඉන් සිදු කළ කාර්යභාරය හැදෑරීම 
  • මහාවංසය හා හා එහි ආකෘතිය පිළිබඳ අවබෝධ කරගැනීම 
  • මහාවංසයෙහි ඇති වටිනාකම් හා එහි අරමුණු හඳුනා ගැනීම 
  • මහාවංසය ඉතිහාස මූලාශ්‍රයක් ලෙස හා පුරාවිද්‍යාත්මක සාධක මගින් සනාථ වන්නේ ද යන්න පිළිබඳව පරික්ෂා කර බැලීම 
  • මහාවංසය වෙත එල්ල වී ඇති චෝදනාවල සත්‍යා අසත්‍යතාව පිළිබඳ ව විමසා බැලීම 

අධ්‍යයන ඵල :

මෙම පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරන විද්‍යාර්ථීන්ට පහත දැක්වෙන ඉගෙනුම් ඵල කරා ළඟා විය හැකි වේ. 

  1. මූලාශ්‍රයක් ලෙස මහාවංසයෙහි වටිනාකම 
  2. පුරාවිද්‍යාත්මක කරුණු තහවුරු කරගැනීමේ දී මහාවංසයෙන් ලැබෙන දායකත්වය 
  3. ශාසනික ඉතිහාසය හැදෑරීමේ දී මෙන්ම මෙරට ඓතිහාසික සම්ප්‍රදාය හැදෑරීමේ දී මහාවංසයෙන් ලැබෙන දායකත්වය 

හැඳින්වීම

මෙරට ඉතිහාසය ගොඩනඟා ගැනීමේ දී උපකාරවන මූලාශ්‍රය අතර සාහිත්‍ය මූලාශ්‍රයවලට හිමි වන්නේ වැදගත් ස්ථානයකි. ඒ අතුරින් වංස කතා නමැති සුවිශේෂී සාහිත්‍යාංගය අපට ම උරුම වූ සලකුණකි. මහාවංසය යනු වංස කතා සාහිත්‍යයේ ද තවත් මංසලකුණකි. මහාවංසය නොතිබෙන්නට ලක්දිව පාලනය කළ ඇතැම් රජවරුන් පිළිබඳ ව කිසිඳු තොරතුරක් නොලැබෙන්නට ඉඩ තිබුණි. මන්ද පුරාවිද්‍යාත්මකව සෑම රාජ්‍ය පාලකයෙකුගේ ම ශිලා ලේඛන හෝ සිදු කළ කාර්යයන් පිළිබඳ විස්තර හමු නොවන බැවිනි. දේශීය ඉතිහාස සම්ප්‍රදාය පෝෂණය කිරීමෙහිලා මහාවංසය විශිෂ්ට කාර්යභාරයයක් ඉටු කරනවා සේ ම අසල්වැසි භාරත දේශයේ ඉතිහාසය ගොඩනැඟීම උදෙසා ද ඉන් ලැබෙන පිටුවහල අනූපමේය ය. හර්යංක, ශිශුනාග, මෞර්ය ඇතුළු භාරතීය රාජ වංශ කිහිපයක් පිළිබඳව එරට මූලාශ්‍රයන්හි දැකිය නොහැකි වැදගත් තොරතුරු ගණනාවක් මහාවංසයේ අන්තර්ගතය. තෙවන ධර්ම සංගායනාව මෙන්ම අශෝක අධිරජුගේ ශාසනික කාර්යභාරය පිළිබඳව කියැවෙන තොරතුරු මේ අතර වඩාත් වැදගත් වන්නේ ය.

එපමණක් නොව මහාවංසය සිදු කරන විස්තරවලට අඳාළ බොහෝ සාධක පුරාවිද්‍යාත්මක කැණීම් මගින් ද තහවුරු ව ඇත්තේ ය. විශේෂයෙන් අනුරාධපුරයේ ඇතුළු නගරයේ සිදු කළ පුරාවිද්‍යාත්මක කැණීම් මේ අතුරින් වඩාත් වැදගත් වන්නේ ය. මෙම සාධක දෙස බලන විට පෙනී යන්නේ මහාවංසය මෙරට ඉතිහාසය වඩ වඩාත් තහවුරු කරන සුලු මූලාශ්‍රයක් බවයි. එහෙත් මහාවංසය යනු රටේ ඉතිහාසය රචනා කිරීම අරමුණ කරගත් කෘතියක් නොවේ. එබැවින් එහි ඉතිහාසය හැදෑරීමේ දී අපට වැදගත් වන එහෙත් මහාවංස කතුවරයාට වැදගත් නොවන ඇතැම් තොරතුරු ඉවත දැමුවා සේ ය. එය මහාවංසයේ පවතින දුර්වලතාවක් වුව ද මූලාශ්‍රයක් ලෙස ලාංකේය ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී මහවංසයේ වටිනාකම ඉන් අඩු නොවන බව කිව යුතු ව තිබේ. 

මෙම පාඨමාලාව කා සඳහා ද?

මාර්ගගත ආකාරයට සතියට දින දෙක බැගින් සති අටක් පුරා පවත්වනු ලබන මෙම පාඨමාලාව ඉදිරිපත් කිරීමේ දී පහත  දැක්වෙන ඉලක්කගත කණ්ඩායම් විශේෂයෙන් අරමුණු කර ඇත. 

  1. බාහිර උපාධි පාඨමාලා සඳහා පුරාවිද්‍යාව හා ඉතිහාසය හදාරනු ලබන විද්‍යාර්ථීන් 
  2. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හා සමගාමී වෙනත් ආයතනයන්හි සේවය කරනු ලබන පුරාවිද්‍යා හා ඉතිහාසය උපාධිධාරීන් නොවන කාර්ය මණ්ඩල සාමාජිකයන් 
  3. පාසල් තුළ ඉතිහාසය විෂය උගන්වනු ලබන ගුරු භවතුන් 
  4. අ.පො.ස (ස/පෙළ) හා අ.පො.ස. (උ/පෙළ) සඳහා ඉතිහාසය විෂය ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 
  5. විශ්වවිද්‍යාලවල දී ඉතිහාසය හෝ පුරාවිද්‍යා විෂය හැදෑරීමට අපේක්ෂිත විද්‍යාර්ථීන්ට 
  6. විශ්වවිද්‍යාල මට්ටමින් පුරාවිද්‍යාව හෝ ඉතිහාසය විෂය නොහැදෑරූ නමුත් පශ්චාත් උපාධි මට්ටමින් පුරාවිද්‍යාව හා ඉතිහාසය හැදෑරීමට අපේක්ෂිතවිද්‍යාර්ථීන් 
  7. පුරාවිද්‍යාව හා ඉතිහාසය පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් ලැබීම අවස්ථාවක් නොලැබුණු එහෙත් එම විෂය පිළිබඳ උනන්දු හා රුචිකත්වයක් දක්වනු ලබන සියලුම පුරවැසියන් 

පාඨමාලාවේ සම්පත් දායකයින් :

ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ විධමත් අවබෝධයක් සහිත හා ඒ පිළිබඳ ප්‍රායෝගික අවබෝධයෙන් යුතු ශාස්ත්‍රාලීය පසුබිමක් සහිත අයවලුන් පමණක් මෙම පාඨමාලාවේ සම්පත්දායකයන් වශයෙන් කටයුතු කරනු ලබයි. මෙරට පිළිගත් විශ්වවිද්‍යාලයකින් පුරාවිද්‍යාව, ඉතිහාසය වැනි විෂය ක්‍ෂේත්‍රයක අධ්‍යාපනය ලබා දීර්ඝ කාලීනව ප්‍රායෝගික හා න්‍යායාත්මක අත්දැකීම් සහිත විද්වතුන් පිරිසක් පාඨමාලාවේ සම්පත්දායකයන් ලෙස කටයුතු කරයි. 

සම්පත්දායකයින්

සියලු සම්පත්දායකයන් හා IAHS කණ්ඩායම
සියලු සම්පත්දායකයන් හා IAHS කණ්ඩායම
සමීර ප්‍රසංග
සමීර ප්‍රසංග

පාඨමාලාව සඳහා පූර්ව සුදුසුකම් :

මෙම ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවට පිවිසෙමු පාඨමාලාව හැදෑරීම සඳහා විශේෂ පූර්ව සුදුසුකම් අපේක්ෂා නො කෙරේ. එහෙත් පාඨමාලා ව සමඟ මාර්ගගත ආකාරයෙන් සම්බන්ධ විය හැකි හා සිංහල බස අසා අවබෝධ කර ගැනීමට ඇති හැකියාව මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමට අවශ්‍ය වේ.

පාඨමාලාව ඉදිරිපත් කිරීම හා කළමනාකරණය :

වසර දශක එකහමාරක් ශ්‍රී ලාංකේය පුරාවිද්‍යා දැනුම ක්‍රමවත් හා වඩා විශ්වාසනීය අන්දමින් විශ්වව්‍යාප්ත ජාලය ඔස්සේ ජනගත කරමින්, ඒ සඳහා වේදිකාව සපයමින් කටයුතු කළ archaeology.lk ජාලයේ ශාස්ත්‍රීය කටයුතු මෙහෙයවන පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය (Institute of Archaeology and Heritage Studies– IAHS) විසින් මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ. 

පුරාවිද්‍යාව හා උරුමය සම්බන්ධ පාඨමාලා මාර්ගගත අකාරයෙන් ඉදිරිපත් කර මුළුමහත් සිංහල භාෂක සමාජයට කිසිදු භේදයකින් තොරව පුරාවිද්‍යාව හා සමගාමි විෂයයන් පිළිබඳ අවබෝධයක් ලබා දීමේ අරමුණින් කටයුතු කළ, පුරෝගාමි ආයතයන වන පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය ස්වේච්ඡා පදනමින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි ලාභ නොලබන සමාගමකි. විවිධ ශිර්ෂ යටතේ මාර්ගගත පාඨමාලා ගණනාවක් ඉදිරිපත් කර විද්‍යාර්ථින් 700 පමණ දැනුම ලබා ගැනීමට අවස්ථාව උදාකළ මෙම ආයතනය මෙම පාඨමාලා ඉදිරිපත් කිරීමෙන් ලබාගන්නා යම් ආදායමක් වේ නම් එය නැවත ක්‍ෂේත්‍රයේ උන්නතිය උදෙසාම කැප කරනු ලබයි.

පුරාවිද්‍යාව, ඉතිහාසය හා උරුම අධ්‍යයනය සම්බන්ධයෙන් ඔබ අප ආයතනය තෝරාගත යුත්තේ ඇයි?

  • අරමුණු සපුරාගත හැකි ඉලක්කගත විෂය නිර්දේශ
  • විධිමත් ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය
  • විශිෂ්ඨ සම්පත් දායක මඩුල්ල
  • පාඨමාලා සංවිධාන ව්‍යුහයේ හා ඉදිරිපත් කිරීමේ විධිමත් බව
  • දේශන හා අනෙකුත් ඉගෙනුම් ක්‍රියාවලිය හා සම්බන්ධ කටයුතු වල පවතින නියමිත වේලාවට වැඩකටයුතු සිදුකිරීම
  • සුහදශීලි හා ක්‍ෂණික සම්බන්ධිකරණ ප්‍රතිචාර හා පසුවිපරම
  • විවිධ ක්‍ෂේත්‍ර හා විවිධ සමාජ මට්ටම් නියෝජනය කරන ආදි සිසුන්
  • පුරාවිද්‍යාව, ඉතිහාසය හා උරුම අධ්‍යයනය සම්බන්ධ මාර්ගත මාඨමාලා පිළිබඳ පුරෝගාමී ආයතනය
  • සමාන්තර තරඟකාරී ආයතනයක් නොවී ප්‍රවණතා හඳුන්වා දීමේ පුරෝගාමී ආයතනය වීම
  • මුල් පාඨමාලාවෙන් පසු අනෙකුත් පාඨමාලා සඳහා ආකර්ශනීය සහන හිමි වීම

දේශන පැවැත්වෙන ආකාරය :

මාර්ගගත දේශන කාලය පැය 30කි.

මෙම පාඨමාලාව මාර්ගගත ක්‍රමයට පැවැත්වේ. මේ සඳහා Zoom මෘදුකාංගය භාවිතා කරනු ඇත. දේශන අඟහරුවාදා හා සිකුරාදා දිනවල රාත්‍රි 8 සිට 10 දක්වා පැවැත්වේ. සෑම දේශනයක් ම පටිගත කර අපගේ LMS එක හරහා ඔබට වෙනත් අවස්ථාවක ඇසීමේ පහසුකම අප විසින් සලසා දෙනු ඇත. එම දේශනය පිළිබඳ ගැටලු ඇත්නම් සම්බන්ධීකාරක හරහා අදාළ දේශකවරයාට යොමු කළ හැක. මෙම පටිගත කළ වීඩියෝ පාඨමාලාව අවසන් වී තවත් මාස දෙකක් යන තුරු ඔබට නැරඹීමේ අවස්ථාව ලබා දෙනු ඇත.

දේශන

මාතෘකාව දිනය වේලාව (ශ්‍රී ලංකා) දේශකයා
ආරම්භක සැසිය

මහාවංශය: වංශකතාවෙන් ඉතිහාසයටපාඨමාලාව හඳුන්වා දීම (පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය, පාඨමාලාවේ අරමුණු, අන්තර්ගතය හා ව්‍යුහය)

2026 දෙසැම්බර් 1 Dec 1, 2026 8:00 PM +0530 – 10:00 PM +0530
සියලු සම්පත්දායකයන් හා IAHS කණ්ඩායම සියලු සම්පත්දායකයන් හා IAHS කණ්ඩායම
ශ්‍රී ලාංකේය සාහිත්‍ය සම්ප්‍රදායේ ආරම්භය, වර්ධනය හා මහාවංශය
2026 දෙසැම්බර් 4 Dec 4, 2026 8:00 PM +0530 – 10:00 PM +0530
සමීර ප්‍රසංග සමීර ප්‍රසංග
මහාවංසයේ රචනා අරමුණු, දුබලතා හා වටිනාකම්
2026 දෙසැම්බර් 8 Dec 8, 2026 8:00 PM +0530 – 10:00 PM +0530
සමීර ප්‍රසංග සමීර ප්‍රසංග
මහාවංශයේ අන්තර්ගත පූර්ව-බෞද්ධ යුගය පිළිබඳ විස්තර
2026 දෙසැම්බර් 11 Dec 11, 2026 8:00 PM +0530 – 10:00 PM +0530
සමීර ප්‍රසංග සමීර ප්‍රසංග
අරහත් මහින්ද හිමියන්ගේ පැමිණීම සහ බුදු දහම පිහිටුවීම පිළිබඳ මහාවංශ විස්තරය
2026 දෙසැම්බර් 15 Dec 15, 2026 8:00 PM +0530 – 10:00 PM +0530
සමීර ප්‍රසංග සමීර ප්‍රසංග
එක්සේසත් රාජ්‍යය හා මහාවංස දැක්ම
2026 දෙසැම්බර් 18 Dec 18, 2026 8:00 PM +0530 – 10:00 PM +0530
සමීර ප්‍රසංග සමීර ප්‍රසංග
පළමු නිකාය භේදය සහ මහාවංශය
2026 දෙසැම්බර් 22 Dec 22, 2026 8:00 PM +0530 – 10:00 PM +0530
සමීර ප්‍රසංග සමීර ප්‍රසංග
නව රාජ වංශයක් ස්ථාපිත වීම සහ වාරි තාක්ෂණයේ දියුණුව පිළිබඳ මහාවංශය ඇසුරින් කෙරෙන විශ්ලේෂණය
2026 දෙසැම්බර් 29 Dec 29, 2026 8:00 PM +0530 – 10:00 PM +0530
සමීර ප්‍රසංග සමීර ප්‍රසංග
ආක්‍රමණ සහ ආක්‍රමණිකයන් පිළිබඳ මහාවංශ දෘෂ්ටිකෝණය
2027 ජනවාරි 1 Jan 1, 2027 8:00 PM +0530 – 10:00 PM +0530
සමීර ප්‍රසංග සමීර ප්‍රසංග
අනුරාධපුරයේ සිට පොළොන්නරුව දක්වා: මහා විජයබාහු රාජ්‍ය සමය පිළිබඳව මහාවංශයේ වාර්තා
2027 ජනවාරි 5 Jan 5, 2027 8:00 PM +0530 – 10:00 PM +0530
සමීර ප්‍රසංග සමීර ප්‍රසංග
ආර්ථික සමෘද්ධියේ දැවැන්ත පිම්මක්: මහා පරාක්‍රමබාහු රජුගේ රාජ්‍ය පාලන සමය
2027 ජනවාරි 8 Jan 8, 2027 8:00 PM +0530 – 10:00 PM +0530
සමීර ප්‍රසංග සමීර ප්‍රසංග
පොළොන්නරුවේ පරිහානිය හා දඹදෙනි රාජ පරපුර
2027 ජනවාරි 12 Jan 12, 2027 8:00 PM +0530 – 10:00 PM +0530
සමීර ප්‍රසංග සමීර ප්‍රසංග
කුරුණෑගල සිට මහනුවර දක්වා
2027 ජනවාරි 15 Jan 15, 2027 8:00 PM +0530 – 10:00 PM +0530
සමීර ප්‍රසංග සමීර ප්‍රසංග
මහාවංසය පිළිබඳ නූතන සැක සංකා 1, රාවණ මිථ්‍යාව
2027 ජනවාරි 19 Jan 19, 2027 8:00 PM +0530 – 10:00 PM +0530
සමීර ප්‍රසංග සමීර ප්‍රසංග
මහාවංසය පිළිබඳ නූතන සැක සංකා 2, බුද්ධෝත්පාද මිථ්‍යාව
2027 ජනවාරි 26 Jan 26, 2027 8:00 PM +0530 – 10:00 PM +0530
සමීර ප්‍රසංග සමීර ප්‍රසංග
ජාතියක කෘතිය ලෙස මහාවංසය
2027 ජනවාරි 29 Jan 29, 2027 8:00 PM +0530 – 10:00 PM +0530
සමීර ප්‍රසංග සමීර ප්‍රසංග
පොදු සාකච්ඡාව
2027 පෙබරවාරි 2 Feb 2, 2027 8:00 PM +0530 – 10:00 PM +0530
සියලු සම්පත්දායකයන් හා IAHS කණ්ඩායම සියලු සම්පත්දායකයන් හා IAHS කණ්ඩායම

ආසියා/කොළඹ (ශ්‍රී ලංකා) වේලා කලාපය අනුව උපලේඛිතයි.

ප්‍රායෝගික :

සහභාගි වන විද්‍යාර්ථින්ගේ රුචිකත්වය මත අනුරාධපුර / පොළොන්නරු ඓතිහාසික ප්‍රදේශ අළලා ක්‍ෂේත්‍ර සංචාරය. (ඒ සඳහා වැය වන මුදල මෙම පාඨමාලා ගාස්තුවට අන්තර්ගත නොවන බව කාරුණිකව සලකන්න.)

පාඨමාලා ගාස්තුව හා අයදුම් කිරීම :

මෙම පාඨමාලාව සඳහා පළමු ලියාපදිංචි පදනම (first come first serve) මත සීමිත සිසුන් පිරිසක් පමණක් බදවා ගන්නා බව කාරුණික ව සලකන්න.

මෙම පාඨමාලාව සඳහා සම්පූර්ණ ගාස්තුව LKR 20,000.00 ක් වේ. මෙම පාඨමාලාවට අයදුම්පත් භාර ගැනීම 2026 නොවැම්බර් 9 දින සිට 2026 නොවැම්බර් 28 වැනිදා දක්වා වේ. 2026 නොවැම්බර් 30 වන දින හෝ ඊට ප්‍රථම පාඨමාලා ගාස්තුව ගෙවිය යුතුය. අප ආයතනයේ කලින් පාඨමාලා හැදැරු සිසුන් සඳහා 10% වට්ටමක් හිමි වේ. මේ සඳහා පාඨමාලා සමිබන්ධීකාරිකාව අමතන්න.

2026 දෙසැම්බර් 1 වැනිදා වන දින පාඨමාලාව ආරම්භ වන අතර 2027 පෙබරවාරි 2 දින පාඨමාලාව අවසන් වේ.

නිතර අසන ප්‍රශ්න

පාඨමාලා කාලය හා ගාස්තු කොපමණ ද?

පාඨමාලා කාලය සති 8 කි. ගාස්තුව රුපියල් 20,000 වන අතර කලින් අප ආයතනයේ පාඨමාලා හැදෑරු සිසුන්ට 10% වට්ටමක් හිමි වේ.

මෙම පාඨමාලාවට හැදෑරීමට අවශ්‍ය මුලික සුදුසුකම් ‌මොනවා ද?

මෙම පාඨමාලාව හැදෑරීම සඳහා විශේෂ පූර්ව සුදුසුකමක් අපේක්ෂා නොකෙරේ. සිංහල බස අසා අවබෝධ කර ගැනීමේ හැකියාව ප්‍රමාණවත් වේ.

පාඨමාලා අයදුම්පත

අයදුම් සඳහා විවෘතයි